ශ්‍රීලංකන් කේටරින් රු. බිලියන 5.7 ක ශුද්ධ ලාභයක් වාර්තා කරයි.


ශ්‍රීලංකන් කේටරින් සමාගම 2019 මාර්තු මස 31 වැනිදා අවසන් වූ මූල්‍ය වසර තුළ ස්ථාවර මූල්‍ය කාර්ය සාධනයක් වාර්තා කරමින් 24% වාර්ෂික මෙහෙයුම් ලාභ වර්ධනයක් අත්පත් කරගැනීමට සමත්වී ඇත. ඒ අනුව විගණනය නොකළ මූල්‍ය ප්‍රකාශ වලට අනුව කේටරින් සමාගමෙහි මෙහෙයුම් ලාභය රුපියල් බිලියන 3.8 සිට රුපියල් බිලියන 4.7 දක්වා මෙම මූල්‍ය වසර තුළ වර්ධනය වී තිබේ. ශ්‍රීලංකන් ගුවන් සමාගමේ පූර්ණ අනුබද්ධ සමාගමක් ලෙස ශ්‍රීලංකන් කේටරින් ක්‍රියාත්මක වෙයි.

කේටරින් සමාගම 2017/18 මූල්‍ය වසරේ 44% මෙහෙයුම් ලාභ අනුපාතය 2018/19 මූල්‍ය වසර තුළ 48% ලෙස වාර්තා කර තිබේ. මෙම මූල්‍ය වසර තුළ බදු ගෙවීමෙන් පසු ශුද්ධ ලාභය රුපියල් බිලියන 5.7 ක් වන අතර එය පසුගිය වසරට සාපේක්ෂව 46% ක වර්ධනයක් පෙන්නුම් කරයි. තවද මෙම මූල්‍ය වසර තුළ සමාගම ශුද්ධ විනිමය ලාභය මිලියන 1070 ක් පෙන්නුම් කළ අතර මෙය පෙර වසරේ 2017/18 රුපියල් මිලියන 202 ක් විය.

මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සභාපති සහ ශ්‍රීලංකන් කේටරිං සභාපති ජී.එස් විතානගේ මහතා මෙසේ සඳහන් කළේය. " ශ්‍රීලංකන් කේටරින් අපගේ ජාතියට සහ ශ්‍රීලංකන් එයාර්ලයින්ස් සමූහයට විශාල ශක්තියක් වගේම දීප්තිමත් ආයතනයක්. ඒ වගේම පසුගිය සිව් වසර තුළ සෑම වසරකම ලාභය රුපියල් බිලියන 03 ක් වාර්තා කරමින් සමාගමට විශිෂ්ට ආදර්ශයක් පෙන්වා තියෙනවා. 2018/19 මූල්‍ය වසර තුළ කේටරින් සමාගමේ මෙහෙයුම් ලාභය පෙර වසරට සාපේක්ෂව 48% වර්ධනයක් ලබාගෙන තිබීම සුවිශාල ජයග්‍රහණයක්” බවද ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්හ.
ශ්‍රීලංකන් කේටරින් හි ප්‍රධාන විධායක නිලධාරී ලලිත් විතාන මහතා පෙන්වා දුන්නේ මූල්‍ය විනය පිළිබද කැපවීමෙන් මෙන්ම කුසලතාවයන් පෙන්වමින් සිය කාර්ය මණ්ඩලය කටයුතු කිරීම සමාගමේ කැපී පෙනෙන කාර්යසාධනයට හේතු වී ඇති බවයි. මේ වසර තුළදී මුහුණ දුන් විවිධ අභියෝග සියල්ල ජයගැනීමට සිය කණ්ඩායම සමත් වී ඇති අතර පහසුකම් හා ක්‍රියාදාමයන් වැඩිදියුණු කරමින් නව ව්‍යාපෘති රාශියක් අත්පත් කර ගෙන ඇති බවද ඒ මහතා පැවසීය.

ශ්‍රීලංකන් කේටරින් අංශය ශ්‍රීලංකන් ගුවන් සමාගමේ පුර්ණ අනුබද්ධ සමාගමක් වන අතර එය කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ (BIA) සහ මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළෙහි ක්‍රියාත්මක වන සියලු ගුවන් සේවා සඳහා 24,000 පමණ ගුවන් යානා අභ්‍යන්තර ආහාර පාන සපයන එකම ගුවන්යානා සැපයුම්කරු වේ. ‍ශ්‍රීලංකන් කේටරින් සමාගම ආහාර පාන සේවා සපයන ගුවන් සේවා ලෙස ගෝලීය වශයෙන් පිළිගත් එමිරේට්ස් ගුවන් සේවය, කටාර් එයාර්වේස්, මැලේෂියා එයාර්ලයින්ස්, එයාර් චයිනා , කැතේ පැසිෆික්, චයිනා ඊස්ටන් ගුවන් සේවය (China Eastern Airlines) , China Southern Airlines, කොරියන් එයාර් , Turkish Airlines, KLM Royal Dutch Airlines සහ ශ්‍රීලංකන් ගුවන් සමාග‍ම සඳහන් කළ හැක.

ශ්‍රීලංකන් කේටරින් ගෝලීය වශයෙන් සහතික කිහිපයක්ම ලබාගෙන තිබේ. තත්ත්ව කළමනාකරණ පද්ධතිය සඳහා ISO 9001:2015, ආහාර සුරක්ෂිතතා කළමනාකරණ පද්ධති සඳහා ISO 22000:2005, ආහාර සුරක්ෂිතතාවය සහතික කිරීම සඳහා HACCP-Codex Alimentarius , සහ හොඳම පාරසරික පිළිවෙත් වෙනුවෙන් ISO 14001:2015 ලබාගෙන තිබේ. මෑත කාලයේ දී ශ්‍රීලංකන් කේටරින් සමාගම විසින් ගෝලීය හා දේශීය වශයෙන් සම්මාන රැසක් දිනා ඇත. අන්තර්ජාතික ගුවන් සේවා සංගමයේ (Mercury) සම්මානයෙන් ද ශ්‍රීලංකන් කේටරින් පිදුම් ලැබීය. එසේම ජනාධිපති අපනයන විශිෂ්ටතා සම්මාන උළෙල 2017 දී (Presidential Export Award ) ඉහළම වෘත්තීමය සේවා අපනයනකරු (‘Highest Value Added Exporter in Professional Services)’. ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලෙහිදී "විශිෂ්ටතම රාජ්‍ය අංශය" යටතේ ශ්‍රීලංකන් කේටරින් සම්මාන දිනා ගත්තේය .

No comments:

Ad
Powered by Blogger.