Ad

ශ්‍රිලනිප පිරිසක් මෛත්‍රීට එන්න කියයි: බැසිල් ගේම ඉල්ලයි.


ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන්  ඉල්ලා සිටිමින්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම විශේෂ සංදේශයක් ජනාධිපතිතුමා වෙත භාරදෙනු ලැබීය. 

ඉදිරි ජනාධිපතිවරණයේ දී  එක්සත් ජාතික පක්ෂ විරෝධී පිරිස සමඟ පුළුල් ප්‍රගතිශීලි සන්ධානයකට එළැඹීමටත්, එම සන්ධානය බිහි කිරීමෙහිලා නායකත්වය ගන්නා ලෙසත් එම සංදේශය මඟින් ජනාධිපතිතුමාගෙන් ඉල්ලා තිබේ.

අද (06) දහවල් ජනාධිපති කාර්යාලය වෙත පැමිණි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා, ප්‍රධාන ලේකම් දයාසිරි ජයසේකර, මහින්ද සමරසිංහ, සරත් අමුණුගම, දුමින්ද දිසානායක, මහින්ද අමරවීර, ෆයිසර් මුස්තාෆා, රංජිත් සියඹලාපිටිය, ලසන්ත අලගියවන්න, වීරකුමාර දිසානායක, දුෂ්මන්ත මිත්‍රපාල,  ශ්‍රීයානි විජේවික්‍රම,  මොහාන් ලාල් ග්‍රේරු, ශාන්ත බණ්ඩාර යන මහත්ම මහත්මීන් ඇතුළු  මන්ත්‍රී කණ්ඩායම එම සංදේශය ජනාධිපතිතුමා වෙත භාර දෙන ලදී. 

බැසිල් ගේම ඉල්ලයි.

කෙසේ නමුත් ජනාධිපති සිරිසේන පසුගිය කැබිනට් අමාත්‍ය හමුවේදී සිදුකළ ප්‍රකාශයට ක්ෂණික ප්‍රතිචාරයක් පොහොට්ටු පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ දක්වා තිබේ.

සිය ෆේස් බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ ප්‍රතිචාර දැක්වීම සිදුකර ඇති අතර එහි "එළඹෙන දෙසැම්බර් මස 09 වනදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන ජනාධිපතිවරයෙකු ස්ථිර වශයෙන් දිවුරුම් දෙනු ඇත." යනුවෙන් සඳහන් කර තිබේ.

එසේම ඒ සමඟ මහින්ද රාජපක්ෂ , ගෝඨාභය රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ එකට සිටින "අපි සූදානම් !" මැයෙන් සකස්කළ ප්‍රචාරක රූපයක්ද පළකර ඇත.

දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන්නේ ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ පොහොට්ටු පාර්ශවයේ ඊළඟ ජනාධිපති අපේක්ෂකයා ලෙස නිල නොවන නිවේදනයක් මේ හරහා ලබාදී ඇති බවය.

සිරිසේන නොකවුට් !

එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර සන්ධානයක් වෙනුවෙන් තවදුරටත් සාකච්ඡා කිරීම තේරුමක් නැති බවට එම පක්ෂයේ ස්ථාවරය වී ඇති බවත් වාර්තා වෙයි.

එම පක්ෂයේ ප්‍රබලයකු සඳහන් කර සිටියේ ජනාධිපති අපේක්ෂකත්වය හැර වෙනත් කිසිවක් යනාධිපති සිරිසේන අපේක්ෂා නොකරන බැවින් සහ තම පක්ෂය ඊට එකඟ නොවන බැවින් තවදුරටත් සාකච්ඡා පවත්වමින් පාක්ෂිකයන් තිගස්සවීම තේරුමක් නැති දෙයක් බවය.


මෙතෙක් පැවති සාකච්ඡා වලදී පවා කිසිඳු කරුණක් ගැන නිල එකඟතාවක් ඇතිකර ගැනීමට නොහැකිවූ බවත් එබැවින් ඉදිරියේදී ඒ පිළිබඳ ශ්‍රීලනිපය වෙත නිලවශයෙන් දැනුම්දීමට කටයුතු කරන ලෙස තමන් ඇතුළු පක්ෂයේ ප්‍රබලයින් රැසක් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂට දන්වන බවත් ඔහු පැවසීය.

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.