සජිත්, මෛත්‍රීගේ ලණුව කයි: ජනපති මෙහෙයුම 8දා අනුරාධපුරයෙන් ඇරඹෙයි?


සජිත් ප්‍රේමදාස මහතා විසින් තමා ඉදිරි ජනපතිවරණයට තරග කරනවාද නැද්ද යන්න පිළිබඳව ස්ථිර වචනයක් ලබාදීම ලබන 08 වැනිදා සිදු කිරීමට සැලැසුම් කර ඇතැයි වාර්තා වේ.

ඔහු මේ ප්‍රකාශය “සසුනට අරුණ” ව්‍යාපෘතිය යටතේ අනුරාධපුරයේ ඉදිවූ ශ්‍රී ස්වර්ණ ජයන්ති විහාරයේ චෛත්‍ය විවෘත කිරීමේ උත්සවයේදී සිදුකරනු ඇතැයි අනිද්දා සිය මුල්පුවතින් අනාවරණය කර තිබේ.

එම උත්සවය අස්ගිරි මහනායක හිමියන්ගේ ප්‍රධානත්වයෙන් විශාල භික්ෂු සහභාගිත්වයකින් සිදු කිරීමට නියමිත බවද පැවසේ.

ජනපතිගේ වචනය දීල ඉවරයි

මේ අතර, තමා ඉදිරි ජනපතිවරණයේදී ජනපති අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉකුත් කැබිනට් මණ්ඩල රැස්වීමේදී ප්‍රකාශ කර තිබූ අතර ඔහු එහිදී එජාප මීළඟ නායකයා සජිත් කරගන්නා ලෙස වහෙන් ඔරෝ පවසා තිබිණි.

එසේම එම රැස්වීමේදී සිරිසේන මහතා නායකත්වය වෙනස්වන්නේ නම් එජාපයට තමා හා තම කණ්ඩායමේ සහය ලැබෙන බවද පවසා තිබිණි.

සිරිසේන වංචා කාරයෙක්!

පසුගිය මහ මැතිවරණයේ දී රාජපක්ෂ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය වෙත (වර්ථමාන පොහොට්ටුව) නාම යෝජනා ලබා දී මැතිවරණයේ අවසාන භාගයේ එම කණ්ඩායම පරාජය කිරීමට උත්සහ කිරීමත්, පරාජයට පත්වූ සිරිසේන පාර්ශවයේ අපේක්ශකයන් රාජපක්ශ හිතේෂීන් ඉවත් කර ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ගෙන ආ බව සිහිපත් කළ ඔහු තමන් බලයට ගෙන ආ රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව බලයෙන් පහකර කුමන්ත්‍රණ ආණ්ඩුවක් පත් කිරීමට කටයුතු කල බව ද සිහිපත් කලේය.

ජනාධිපති සිරිසේන යනු සතපහක විශ්වාසයක් තැබිය නොහැකි අයෙක් බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

මේ අතර දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ භාරකාර ආණ්ඩුවක් පත් කර ජනාධිපති සිරිසේනගේ බලය තහවුරු කිරීමේ උත්සහයක ශ්‍රීලනිප හිටපු ඇමතිවරු කිහිප දෙනෙක් උත්සහ කරමින් සිටින බවයි.

No comments:

Ad
Powered by Blogger.