Ad

දකුණේ හිටපු අධ්‍යාපන ඇමති චන්දිමා රාසපුත්‍ර ධූරයෙන් ඉවතට: පෙරළියක් අත ලඟ?


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාතර ආසනය ප්‍රධානව දිස්ත්‍රික්කයේ සියලු දේශපාලන කටයුතු තාවකාලිකව නතර කරන ලෙසට හිටපු දකුණු පලාත් අධ්‍යාපන අමාත්‍ය හා මාතර ආසන සංවිධායක චන්දිමා රාස පුත්‍ර මහතා තම සම්බන්ධීකරණ ලේකම්වරුන් ඇතුළු සමීපතමයින්ට උපදෙස් ලබා දී තිබේ.

ඒ අනුව එම පක්ෂයේ ප්‍රවර්ධන කටයුතු,ශාඛා සමිති පිහිටුවීම,පාක්ෂිකයින් දැනුවත් කිරීම ඇතුළු සියලු දේශපාලන කටයුතු තාවකාලිකව නතර කරන ලෙසට ඒ මහතා උපදෙස් දී ඇත.

දකුණු පලාත් සභාව විසුරුවා හැරීමෙන් පසු ඇමරිකාවට ගොස් සිටින ඒ මහතා දුරකතන මාර්ගයෙන් ඒ බව දන්වා තිබෙන බව දැන ගන්නට ඇත.

දකුණු පලාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති අමිල විජේසිංහ මහතා ආණ්ඩුකාරවරයා විසින් ඊයේ (06) ඉවත් කර තිබෙන අතර එම සිද්ධිය ඇතුළු සිද්ධීන් කිහපයක් මුල් කර ගෙන චන්දිමා රාස පුත්‍ර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන කලකිරීමට පත්ව ඇති බව කියති.

උද්ගතව ඇති තත්වය සම්බන්ධයෙන් ඉදිරියේ දී ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමෙන් පසු ඔහු දේශපාලන තීන්දුවක් ගනු ඇති බවට වැඩි දුරටත් විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් පැවසේ.

කෙසේ නමුදු මීට මාස කිහිපයකට පෙර මාතර කොකාවල මධ්‍ය මහා විද්‍යාලයේ පැවති උත්සවයක දී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා දකුණු පලාත් ආණ්ඩුකාර කීර්තී තෙන්නකෝන් මහතාට උපදෙස් ලබා දෙමින් කියා සිටියේ දකුණේ අධ්‍යාපන ඇමති මුලු රටේම අධ්‍යාපන ඇමතිවරුන්ට ආදර්ශයක් බැවින් පලාත් සභාව විසුරුවීමෙන් පසුවද ඔහු එම කටයුතු වෙනුවෙන් තබා ගන්නා ලෙසයි.

[මාතර හොට් නිව්ස්]

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.