සාෆිගේ චෝදනාව පුස්සක්: වඳ සැත්කම් නොකළ බව හෙදියෝ 69ක් කියති.


කුරුණෑගල රෝහලේ දී වෛද්‍ය මොහොමඩ් සාෆි සමග සිසේරියන් සැත්කම් වලට සහභාගී වූ ශල්‍යාගාරය හෙදියන් 69 දෙනෙකුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ ලබාගෙන තිබුනද, ඒ එක් අයෙකු හෝ වෛද්‍ය සාෆි සිසේරියන් සැත්කම් කරන අවස්ථාවලදී කාන්තාවන් වඳ සැත්කම්වලට හෝ ඔවුන්ගේ පැලෝපීය නාලවලට හානියක් සිදුකරනු තමන් දැක නැති බව ප්‍රකාශ කර තිබේ.

එසේම ඔවුන් සියලු දෙනා ප්‍රකාශ කර ඇත්තේ එවැනි දෙයක් තමන්ට රහසින් කරන්නට නොහැකි බවයි.

වෛද්‍ය සාෆි සමඟ කුරුණෑගල රෝහලේ දී සිසේරියන් සැත්කම් වලට භාජනය වූ හෙදියන් 70 දෙනෙකු පමණ සිට ඇති අතර ඉන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ ලබා ගැනීමට නොහැකිවී ඇත්තේ එක් හෙදියක ගෙන් පමණක් බවද පැවසේ.

එයට හේතුව වී ඇත්තේ එම හෙදිය මේවන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටීමය.

සාෆි VOG කෙනෙක් නෙවෙයි

සාෆි නාරි හා ප්‍රසව වෛද්‍යවරයෙක් VOG ලෙස හඳුන්වා මාධ්‍ය විශාල වරදක් කර අති බවද මේ වන විට හෙළිව තිබේ.

සාෆි වී.ඕ.ජී. කෙනෙකු නොවන අතර ඔහු MBBS තත්වයේ සාමාන්‍ය වෛද්‍යවරයෙකි.

කුරුණෑගල රෝහලේ එක් වී.ඕ.ජී. කෙනෙකු යටතේ වෛද්‍යවරු 4 දෙනෙක් සේවය කරති.

මොවුන් SHO (Senior House Officer) නමින් හඳුන්වනු ලබයි. සාෆි මේ හතර දෙනාගෙන් එක්කෙනෙකි.

මොවුන් ට අමතරව Intern House Officer නම් වූ වෛද්‍යවරු දෙදෙනෙක් මාස හයකට වතාවක් මාරුවෙන් මාරුවට පත්කරනු ලැබේ.

- මූලාශ්‍රය රාවය

No comments:

Ad
Powered by Blogger.