Ad

රාජ්‍ය නිලධාරීන් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට නොගියොත් වෙන දේ මෙන්න.


පොලිසිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ඉදිරියේ සාක්ෂි දීම වැලක්වීමට ජනාධිපතිතුමා පියවර ගන්න බව මාධ්‍ය වාර්තා කර ඇත.

පාර්ලිමේන්තු වරප්‍රසාද පනත අනුව ඕනෑම පුද්ගලයකුට සාක්ෂි දීම සදහා හෝ ලේඛන ඉදිරිපත් කිරීම සඳහා සිතාසි මත කාරක සභාව වෙත ගෙන්විය හැක. (10 වගන්තිය).

එලෙස සිතාසි මත ලේඛන ඉදිරිපත් කීරීමට හෝ සාක්ෂි දීමට අපොහොසත් වන පුද්ගලයකු එකී පනතේ දෙවන උප ලේඛනට අනුව පාර්ලිමේන්තුව හෝ ශ්‍රේෂ්ඨාදිකරණය විසින් දඬුවම් දිය හැකි වරදක් කල පුද්ගලයකු වන බවද පැහැදිලිය.

ඒ අනුව රාජ්‍ය නිලධාරීන් සාක්ෂි දීමෙන් වලකුනහොත් ඔවුන්ට දඬුවම් වීදීමේ අවදානමක් ඇති බවත් , එසේ වුවහොත් ඒ වන විට ඔවුන්ට ජනාධිපති සමාවන් ලබා දීමට සිරිසේන ජනාධිපතිවරයා පුටුවේ නොසිටින බවත් දේශපාලන විචාරකයින්ගේ මතය වී තිබෙනවා.

රාජ්‍ය ආරක්ෂාවට බලපාන කරුනු ඇත්නම් ඒ පිලිබදව තොරතුරු ලබා දීම අනවශ්‍ය බව කාරක සභාව සාක්ෂිකරුවන්ට උපදෙස් දුන් අයුරු මාධ්‍ය විසින් පෙන්වා දී තිබෙනවා. එලෙසම එවන් කරුණු මාධ්‍ය ඉදිරියේ හෙළි නොකිරීමට  අවසර ලැබෙන බව පැහැදිලිය.

එමෙන්ම සාක්ෂිකරුවන් සාක්ෂිදීම වැලක්වීමට ක්‍රියා කරන පුද්ගලයන්ද පනතේ පළමු උප ලේඛනයට අනුව ශ්‍රේෂ්ඨාදිකරණය විසින් දඬුවම් දිය හැකි වරදක් කල පුද්ගලයකු වන බව සඳහන් වනවා.

ඒ අනුව සාක්ෂිකරුවන්ට බලපෑම් කරන ඕනෑම පුද්ගලයකුට මේ අනුව දඬුවම් ලැබිය හැකි බවත්, එලෙස බලපෑම් කරන්නේ ජනාධිපති නම්, ඔහුගේ ධූර කාලය අවසන් වීම සමග ඔහුගේ මුක්තියද අවසන් වන හෙයින් ඔහුට පවා දඬුවම් දිය හැකි බව දේශපාලන විචාරකයින් පෙන්වා දෙනවා.

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.