Ad

රනිල් සමඟ සාකච්ඡාව කාර් එකේ: සංචාරය ප්‍රතිඵලදායක බව මෝදි කියයි.


ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික සබඳතා තවදුරටත් පුළුල් හා ශක්තිමත් කරලීම සම්බන්ධව  සාකච්ඡාවක්  ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි  සහ  ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ  අතර  ඊයේ (9) පැවැත්විණි.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පැය කිහිපයකට පමණක් ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණි හෙයින් කාලය ඉතිරි කරගැනීම සඳහා මෙම සාකච්ජා පැවැත්වුනේ කටුනායක ගුවන් තොටුපොළේ සිට කොළඹ දක්වා ගමන් කරන අතරතුරදී වීම විශේෂත්වයකි.

දෙරට අතර අනාගත ආර්ථික අවකාශයන් නිර්මාණය කිරීම පිළිබඳවද අගමැති  නරේන්ද්‍ර මෝදි සහ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා  අතර දීර්ඝ ලෙස අදහස් හුවමාරු කර ගැනුණු බවත් වාර්තා වෙයි.

දෙරටේ ද්විපාර්ශවික සබඳතාවන්හි වත්මන් ප්‍රගතිය පිළිබඳවත්, ඉදිරි සැලසුම් පිළිබඳවත් දෙරටේ අග්‍රාමාත්‍යවරුන්ගේ අවධානය යොමු විය.

ගෝලීය ත්‍රස්තවාදය හා ප්‍රතිත්‍රස්ත කාර්යයන් සම්බන්ධයෙන් ගත යුතු සාමූහික ක්‍රියා මාර්ග පිළිබඳවද මේ සාකච්ඡාවන් හි දී අවධාරණය කෙරුණු බවත් දැනගන්නට ඇත.

ලංකා සංචාරය ප්‍රතිඵලදායකයි - මෝදි
   
ශ්‍රී ලංකාවේ සිදුකළ එක්දින නිල සංචාරය කෙටි එහෙත් අතිශයෙන්ම ප්‍රතිඵලදායක සංචාරයක් බව ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ කළ සංචාරයෙන් අනතුරුව සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

ඉන්දියානුවන්ගේ හදවත් තුළ ශ්‍රී ලංකාවට විශේෂ ස්ථානයක් ඇති බවත් ශ්‍රී ලංකාවේ සිටින තම සහෝදර සහෝදරියන් වෙනුවෙන් සෑමදාම ඉන්දියාව සිටින බවත් ශ්‍රී ලංකා ජාතියේ වර්ධනය සඳහා උදව් කරන බවත් ඔහු සඳහන් කළේය.


ශ්‍රී ලංකාවෙන් ලැබුණ ආගන්තුක සත්කාරක්තවයට ස්තූතිය ප්‍රකාශ කරන බවත් ඔහු සඳහන් කළේය.

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.