ජවිපෙන් පොදු අපේක්ෂකයෙක්: ලකුණ සීනුව නෙවෙයි.


ඉදිරි ජනාධිපතිවරණය සඳහා ජනතා විමුක්ති පෙරමුණ ‍පොදු ලකුණකින් අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට තීරණයක් ඇතැයි එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ ඉදිරි මැතිවරණයට ජනතා විමුක්ති පෙරමුණ පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කරන බවට පැතිර ඇති වාර්තා සම්බන්ධයෙන් අප කළ විමසීමකදීය.

එම ‍පොදු ලකුණ සීනුව නොවන අතර තවත් දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන කිහිපයක සහය ඇතිව ගොඩනගා ගන්නා පෙරමුණක් විය හැකි බවද ඔහු කියා සිටියේය.

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක රෝහණ විජේවීර හා නන්දන ගුණතිලක යන මහත්වරුන්ගෙන් පසුව එම පක්ෂයෙන් කිසිදු අපේක්ෂකයකු ජනාධිපතිවරණයට තරග නොකළේය.

No comments:

Ad
Powered by Blogger.