ලිස්ට් එකේ 18ක්: සිරිසේන හිතුමතේ 4ක් පමණක් එල්ලන්න යයි!


ජනාධිපතිවරයා විසින් මරණ දඬුවම නියම කිරීමට සිවුදෙනෙකු පමණක් තෝරා ගැනීම මේවන විට ගැටලුවක් වී ඇති බව වාර්තා වේ.

පසුගියදා ජනාධිපතිවරයා මාධ්‍ය ප්‍රධානීන් සමඟ පැවැති හමුවේදී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ පුද්ගලයින් සිව්දෙනකුට මරණ දඬුවම් ලබා දීමට තමා අත්සන් කර ඇති බව හෙළි කළේය.

එහෙත් මරණ දඬුවම නියම වූ බොහෝ පිරිසකගෙන් එම දඩුවම ක්‍රියාත්මක කිරීම සඳහා මෙලෙස 04 දෙනෙකු තෝරාගත්තේ කෙසේදැයි ජනාධිපති නීතිඥ යු. ආර්. ද සිල්වා ප්‍රශ්න කර සිටී.

මෙහි කාර්ය පටිපාටියේ දෝෂයක් පවතින බව 'නෙත් නිවුස්’ වෙත අදහස් දක්වමින් පවසා තිබේ.

"2018 වසරේ සංඛ්‍යාලේඛන අනුව 1299ක් මරණීය දණ්ඩනය සඳහා නියම වෙලා තියෙනවා. නමුත් මරණ දඬුවමට අභියාචනයන්ගෙන් පසුව නියම වෙලා ඉන්නේ 459 දෙනයි. කාන්තා 05 දෙනයි, විදේශිකයින් 06 දෙනයි. මේ අයගෙන් එතුමා කොහොමද 04 දෙනෙක් තෝරන්නෙ...” යනුවෙන් ඔහු එහිදී ප්‍රහ්න කර ඇත.

එකම දඬුවම සියලු දෙනාට දී තිබියදී ජනාධිපතිවරයාට අභිමතය පරිදි හෝ ලයිස්තුවක් අනුව තේරීමට නොහැකි බවද ඔහු කියා සිටී.

ලයිස්තුවේ මුල කාන්තාවක්

මත්ද්‍රව්‍ය වැරදිකරුවන්ට පමණක් මරණ දඬුවම ලබා දෙන්නේ නම් අදාළ ලයිස්තුවේ සිටින ගණන 18 ක් බව පැවසේ.

ඒ අනුව එහි දැනට ජීවතුන් අතර සිටින්නන්ගෙන් පළමු ස්ථානයේ පසුවන්නේ කාන්තාවකි.

මට්ටක්කුලියේ පදිංචිකාරියක් වන ශ්‍යාමලී පෙරේරා එහි මුලින්ම සිටින අතර ඇයට මරණ දඬුවම හිමිව ඇත්තේ 2011 වසරේ මාර්තු 01 වැනිදාය.

කාන්තාවන්ට මරණ දඬුවම කැපද?

අපරාධ නඩු විධාන සංග්‍රහයේ 54 වැනි වගන්තියට අනුව කාන්තාවන්ට මෙතෙක් මරණ දඬුවම ලබාදී නොමැත.

බන්ධනාගාර ඉතිහාසයේ කාන්තාවන්ට මෙතෙක් ලබාදුන් ඉහලම දඬුවම වන්නේ ජීවිතාන්තය දක්වා සිරදඬුවම්ය.

ඉංග්‍රීසි පාලන සමයේ මරණ දඬුවමට ලක් වූ පළමු කාන්තාව වනුයේ ෆීජි ඩිංගිරි මැණිකාය.

ඇයට මරණ දඬුවම හිමිවන අවස්ථාවේ ඇය ගැබිනියකව සිටි බැවින් ඇයට හිමි දඬුවම දරු ප්‍රසුතියෙන් මාස දෙකක් දක්වා කල් දමා තිබේ.

එහෙත් ඇගෙන් කිරි උරාබොන දරුවා පිලිබදව සලකා එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරවරයා ඇයට සමාව දී ඇති අතර එදා සිට 1976 වසර දක්වාම කිසිදු කාන්තාවකට මරණ දඬුවම දී නොමැති බව බන්ධනාගාර ආරංචි මාර්ග වලින් වාර්තා වේ.

එම 18 ලයිස්තුවේ පිලිවලින් ඊළඟට සිටින්නීය සී.ධර්මාකරන්, එන්.ජේ.එම්.ඉස්තාර්, පී.ජී. බොලිසිං, පී.ඒ.බූටි,එම්. කුමාර්, එම්. මෂාර්ය.

ඉන් පසුව සිටින්නේ පාකිස්තානු ජාතිකයන් සිවුදෙනෙකි.

No comments:

Ad
Powered by Blogger.