ගෝත්‍රික එල්ලා මැරීමට බහුතරය විරුද්ධයි - සජිත් පක්ශයි: මංගලගේ සිහිනයටත් කණ කොකා?


මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමේ කිසිදු වරදක් තමන් නොදකින බව නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසා තිබේ.

ඒ,  ‘සිසු දහම් සෙවණ’ වැඩසටහන යටතේ කොළඹ දිස්ත්‍රික්කයේ,කෑස්බෑව,කහපොල,ශ්‍රී සද්ධර්මාරාමමහා විහාරස්ථානයේ නව දහම් පාසල් ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා මුල්ගල තැබීමේ අවස්ථාවට අද (11) දින සහභාගී වෙමිනි.

අගමැතිගේ සහ විපක්ශ නායකගේ ස්ථාවරය!

මරණ දණ්ඩනය ලබාදීමේ තීරණයට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිය විරෝධය පලකළ අතර ඔහු පැවසුවේ පාර්ලිමේන්තුවේ ප්‍රධාන පක්ෂ සියල්ල ඊට විරුද්ධ බවය. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ද මරණ දණ්ඩනය ලබාදීමේ තීරණයට තමන් එකඟ නොවන බව සඳහන් කළේය.

එජාපයේ අදහස

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ විසින් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ තීරණයට එරෙහිව පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබ තිබෙන අතර, එම යෝජනාව යොදාගෙන මරණ දණ්ඩනය සම්පුර්ණයෙන්ම අහෝසි කිරීම එක්සත් ජාතික පක්ෂයේ අරමුණ වී තිබේ.

මංගලගේ සිහිනය

මරණ දණ්ඩනයට විරුද්ධව දැඩි ස්ථාවරයක සිටින මංගල සමරවීර මහතා 2015 වසරේ විදේශ අමාත්‍ය ධුරය දැරන සමයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය ජිනීවාහි රැස්වූ අවස්ථාවේදී පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාවේ මරණ දඬුවම තහනම් කිරීම ආණ්ඩුවේ අපේක්ෂාව බවය. නමුත් මංගල සමරවීර මහතා පසුගිය දා පැවසූ පරිදි ඔවුන් ඊළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් කර දිනවීමට කටයුතු කරන බවට පවසන සජිත් ප්‍රේමදාස මහතා ද මරණ දඩුවමට පක්ශ වීම මංගල සමරවීර මහතාගේ අවාසනාවක් බව දේශපාලන විශ්ලේශකයන්ගේ අදහසයි.

එසේම 1956 දී බලයට පත්වූ ආණ්ඩුව තුළ මරණ දඩුවම අහෝසි කර ඒ වෙනුවට ජීවිතාන්තය තෙක් සිර දඩුවම හඳුන්වාදෙන ලද්දේ ද අමාත්‍ය මංගල සමරවීර මහතාගේ පියා වන හිටපු අමාත්‍ය මහානාම සමරවීර මහතාය. 

No comments:

Ad
Powered by Blogger.