ලංකාවේ ඇමරිකානු කඳවුරක් හදනවද? : මෙන්න ඇත්ත!


ශ්‍රී ලංකාව තුළ ඇමෙරිකානු කඳවුරක් ස්ථාපිත කිරීමට කිසිදු සැලසුමක් හෝ වුවමනාවක් නැතැයි ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි ඇලෙයිනා බී. ටෙප්ලිට්ස් අවධාරණය කරයි.

ඇමරිකානු තානාපතිනිය ට්වීටර් පණිවිඩයක් තබමින් මේ අවධාරණය සිදුකර ඇති අතර ඒ ඇමෙරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර ඉදිරියේදී අත්සන් කිරීමට යෝජිත ද්විපාර්ශ්වික ආරක්ෂක ගිවිසුම හෙවත් “සෝෆා” ගිවිසුමේ ඇතැම් වගන්තිවලින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට හානි වන බවට පළවු මාධ්‍ය වාර්තාවලට ප්‍රතිචාර දක්වමිනි.

එම ට්විටර් පණිවුඩයේ මෙසේ දැක්වෙයි.

“මේවා වැරැදි තොරතුරු. ශ්‍රී ලංකාව තුළ ඇමෙරිකානු කඳවුරක් ස්ථාපිත කිරීමට කිසිදු සැලැසුමක් හෝ වුවමනාවක් නැහැ. සාකච්ඡා පැවැත්වෙන මෙම යෝජිත ගිවිසුමේ එකම අරමුණ සහයෝගය සැපයීම පමණයි. ඒ වගේම ගිවිසුමෙන් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට සම්පූර්ණයෙන් ගරු කරනවා”.

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.