ආර්‍යාවක් නොවූ මහාචාර්‍ය භාර්‍යාව.


මා විශ්විද්‍යාලයට තේරීපත්වුනේ 2001 වර්ෂයේදී. එම වර්ෂයේ දෙසැම්බර් මස පැවැති මහ මැතිවරණය එක්සත් ජාතීක පක්ෂය විශිෂ්ඨ ජයක් ලැබ අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත්විය.

2002 වර්ෂයේ ආරම්භයත් සමග කැළණිය විශ්වවිද්‍යාලයේ මගේ ඉණීම මම ඇරඹුව අතර අපට අපගේ මුල් කාලයේදී ELTU එක මගින් මෙහෙයවූ ඉංග්‍රීසී පාඨමාලාවක් තිබිණ. අප එයට සභබාගී වූ අතර ඇතැම් ජේෂ්ඨ උත්තමයින් කියා සිටියේ ඒ අය ELTU එක පැත්තට යන්නේ ' සයිබේ ' ඉඩ මදි උවහොත් පමණක් බවයි.

කෙසේ හෝ දිනක් මේ වැඩසටහන් තිබියදී අපට එම අංශයේ සංවිධානයව තිබූ වෙනත් වැඩසටහනකට සහබාගීවීමට සිදුවිය. එයට අපව කැදෙව්වේ එවකට මානව ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපතිවූ මහාචාර්‍ය සරත් අමුණුගම මහතා විය. මදක් වැඩසටහනට ප්‍රමාද වූ අප අදාල ශාලාවට ඇතුළුවීමට ආසන්නව සිටියදී මෝටර් රථයක් අප ආසන්නයේ නතරවිය. මගේ මතය නිවැරදීනම් එය පදවාගෙන පැමිණීයේද ඇයයි... ඉතා චාම් අකාරයට සැරසීසිටි ඇය පැමිණීයේ කිසිදු පරවාර ආරක්ෂකයෙක් නොමැතිවවය....

2002 වර්ෂයේදී එක්සත් ජාතීක පක්ෂය විසින් දින දර්ශණයක් බෙදාහරිනු ලැබිණ. එහි සිටියේ ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා එම මැතිණිය මෛත්‍රී වික්‍රමසිංහ මැතිණියයි. එම දින දර්ශණය මාගේ නිවසේද එල්ලා තිබුන අතර එය මාගේ විශේෂ අවදානයකට ලක්ව තිබූ නිසා අග්‍රාමාත්‍යවරයා මෙන්ම එතුමගේ බිරිදගේ රූපයද මගේ සිතේ සටහන්ව තිබිණ. ඇය විශ්වවිද්‍යාල අචාර්‍යවරියක් බවද මා දැන සිටියෙමි.

ඉතාම චාම්ව මෝටර් රථයෙන් පැස්ස ඇය අප ආසන්නයේ සිටි එවකට ELTU බාරව සිටි සුතුදර හාමුදුරුවන් සමග කථාකරමින් ශාලාවට ඇතුලූ වූනේ දොරටුව ආසන්නයේ සිටි අපටද සිනාවකින් සංග්‍රහ කරමින්ය. ඇය නමින් මෛත්‍රී වික්‍රමසිංහ මැතිණිය බව මා ඒ වනවිටත් අවබෝදකරගෙන සිටි අතර දේශපාලකයින්ට වඩා ඔවූන්ගේ බිරිදෑවරු ආරක්ෂකයින් හා පරිවාර රථපිරිවරාගෙන එහෙමෙහේ ගිය විකෘර්තී අවස්ථා කොතෙකුත් දැක තිබුනත් රටේ අග්‍රාමාත්‍යවරයාගේ බිරිද කිසිදු පරිවාර රථයක් පිරිවරාගෙන නොමැතිව, තමන්ගේ මෝටර් රථය පදවාගෙන තමන්ම පැමිණ මෙවැනි නිහතමානීව හැසිරීම අපට අලුත් දේශපාලනිකමය ආදර්ශයක් විය. එවක රනිල් වික්‍රමසිංහ දේශපාලකයාගේ චරිතය අධීක්ෂණය කරමින් සිටි මා හට මෛත්‍රී වික්‍රමසිංහ මැතිණියගේ නිරහංකාරකම හා බුද්ධිමත් හැසිරීම එතුමන් පිළිබදව දැඩි ආකර්ෂණයක් පසුකාලීනව නිර්මාණයවීමටද බලපෑවේය...

එසේම එම පළමු හමුවීමෙන් පසු නිතර දැක නැතත් ඇතැම් අවස්ථාවලදී ඇය ගමන්කරනු මම කලාතුරකින් දැක ඇත. ස්වාමීපුරුෂයාගේ තනතුරු, තනාන්තර නිසා හිස උදුම්ම්වාගත් ආර්‍යායාවන් හොරගල් අහුලන රටේ මෛත්‍රී වික්‍රමසිංහ යනූ සැබෑ නායකයෙකුගේ සැබෑ භාර්‍යාවක් විය.......!

මගේ විශ්වාසයනම් ඇය ආර්‍යාවක් ලෙස නොව රටේ නායකත්වය හෝ බාරදියහැකි විශිෂ්ඨ ශ්‍රී ලාංකීය බුද්ධිමත් කාන්තාවක් බවයි.....!

-පණ්ඩුල පත්මනාත් බණ්ඩාර

No comments:

Ad
Powered by Blogger.