සජිත් ප්‍රේමදාසත් සිරිසේන කල්ලියට: වීරකුමාරගේ කටින් පනියි.

    
ප්‍රේමදාස මහතා, පොහොට්ටුව හෝ මේ රටට ආදරය කරන සියළු බලවේග එකතුව අවශ්‍ය ඉදිරි ගමන ශ්‍රිලනිපයට යා හැකි බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සදහන් කළ අතර සජිත් ප්‍රේමදාස, පොහොට්ටුව මේ සියළු බලවේග එකතු කරගෙන හොද පාලනයක් ගෙනා හැකි බවත් ඔහු පැවසීය.

දැන් අවශ්‍යව ඇත්තේ රටට ආදරය කරන ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන නායකයන්ගෙන් යුතු පාලනයක් බවත් ජනතාව ඉල්ලන එම පාලනය ලබාදීමට පුලුවන් පාර්ශව සමග සාකච්ඡා කරන්නේ තනිව කිසිවෙකුට ජයග්‍රහණය කළ නොහැකි නිසා බවත් ඔහු පැවසීය.

මෙහිදී කිසියම් පාර්ශවයක් තනියම ජයග්‍රහණයක් ලැබීමට හැකි යැයි සිතනවා නම් එසේ කර පෙන්වන ලෙස දන්වන බවද මන්ත්‍රීවරයා පැවසීය.

අලුත් පොහොට්ටුවලට දයාසිරි දෙහි කපයි !

මෙම අවස්ථාවට ශ්‍රිලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාද එක්ව සිටි අතර එහිදී ඔහු ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන (පොහොට්ටු පාර්ශවය ) තරුණ මන්ත්‍රීවරුන් විවේචනය කර සිටියේ විවිධ ප්‍රකාශ කරමින් ඔවුන් ශ්‍රිලනිප - පොහොට්ටු සන්ධානය අසාර්ථක කරවීමට කටයුතු කරන බව සදහන් කරමින්ය.

සාකච්ඡා කර තීන්දුවක් ගැනීමට අකමැති නම් වෙනත් ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවත් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.

අනාගත දේශපාලන සිතියම එළියට පැන්නාද ?

මේ මාධ්‍ය හමුවේ කරුණු සම්බන්ධව අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ ශ්‍රිලනිප අනාගත දේශපාලන බල සිතියම කිසියම් ආකාරයකට අනාවරණය වී ඇති බවක් පෙන්නුම් කරනු ලැබූවක් ලෙස එය සැලකිය හැකි බවය.

මේ සම්බන්ධව වැඩිදුරටත් විග්‍රහ කිරීමට යාමට වඩා මෙහිදී වැදගත් වන්නේ සිදුවීම් සහ ප්‍රතිචාර දැක්වීම් කෙරෙහි අවධානය යොමුකිරීම බවත් ඔවුන් වැඩිදුරටත් සදහන් කරයි.

පොහොට්ටුවට තර්ජනයක් !

එසේම ශ්‍රිලනිප - පොහොට්ටු සන්ධානයක් වෙනුවෙන් වන සාකච්ඡා වලදී මේ වන විට පොහොට්ටු පාර්ශවය විසින් ශ්‍රිලනිප ය නොසලකා හැර කටයුතු කරන බවක් පෙන්නුම් කරන බවත් ඒ හමුවේ "වෙනත් ක්‍රියාමාර්ග " යනුවෙන් පවසන්නේ පොහොට්ටු පාර්ශවයේ යටගසා ඇති බරපතල නඩු කරළියට ගෙන විභාග කිරීමේ සිට වෙනත් ප්‍රබල නව සන්ධානයක් දක්වා ක්‍රියාමාර්ග විය හැකි බවත් දේශපාලන විචාරකයන් පෙන්වා දෙයි.

No comments:

Ad
Powered by Blogger.