ගෝඨාවාදීන් නොසතුටින්: පොහොට්ටුවේ අළුත් ම තත්ත්ව්ය මෙන්න.


පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ, මේවනවිට රාජපක්ෂ කඳවුරේ ආකර්ශනීය නායකයා ලෙස ඉස්මතුවෙමින් සිටිය දී ඒකාබද්ධයේ නායකයකු වන දිනේෂ් ගුණවර්ධනට ද ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීමට සුදානම් වන්නැයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ විසින් දැනුම් දී තිබීම ගෝඨාවාදීන්ගේ නොසතුටට හේතුවී ඇතැයි ඉතා විශ්වාසවන්ත කටයුතු දේශපාලන ආරංචිමාර්ග වලින් වාර්තාවේ.

එසේම, මහාචාර්ය ජී.එල්. පිරිස්ට ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීමට සුදානම් වන්නැයි බැසිල් රාජපක්ෂ විසින් දැනුම්දීමක් කර ඇතැයි ද ඉහත ආරංචිමාර්ග පවසයි.

මෙසේ විකල්ප අපේක්ෂකයින් පිළිබඳව අවධානයක් යොමුව ඇත්තේ, ගෝඨාභය රාජපක්ෂට එරෙහිව ජාතික හා ජාත්‍යන්තර වශයෙන් පවතින නඩු හේතුවෙන් ඔහුගේ අපේක්ෂකත්වයට යම් බාධාවක් එල්ලවිය හැකි බවට පවතින සැකයයි.

No comments:

Ad
Powered by Blogger.