ගෝඨාට ශ්‍රිලනිපයේ විරෝධය: බැරි බව දැන පළාත් සභා ඉල්ලයි!

     
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර සන්ධානය ගොඩනැගීමට පෙරාතුව අපේක්ෂකයින් නම් කිරීම නොකළ යුතු බව ‍ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර දැඩිව අවධාරණය කරයි.

එසේ කළහොත් එම අපේක්ෂකයාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස සහයෝගය දීමට හැකියාවක් නැති බවද ඔහු පැවසුවේය.

කෙසේ වෙතත් පක්ෂ දෙක ම එක් වී එක් අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීම සඳහා සාකච්ඡා කරන බවත් එකඟතාවයකින් යුතුව එක් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට සූදානම් බවත් ඔහු සඳහන් කළේය.

අගෝස්තු 11 වනදා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කරන බවට වන වාර්තා ගැන මාධ්‍යවේදීන් විසින් කළ විමසීමකදී මහලේකම්වරයා මෙම අදහස් පළ කළේය.

විගඩම් ගොඩයි.
   
මේ අතර මැතිවරණ කල් නොදමා වහා මැතිවරණ පවත්වන්නට පියවර ගන්නැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දී යෝජනාවක් ගෙන ආ බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර ප‍්‍රකාශ කළේය.

ඌව පළාත් ප‍්‍රධාන අමාත්‍ය චාමර දිසානායක ගෙනා එම යෝජනාව නිමල් සිරිපාල ද සිල්වා මන්ත‍්‍රීවරයා ස්ථීර කළ අතර එය ඒකමතිකව සම්මත වූ බව ද හෙතෙම කියා සිටියේය.

වහාම ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ද විමසමින් කඩිනමින් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන ලෙස මෙම යෝජනාව ගෙන ආ බව ද අමරවීර මන්ත්‍රීවරයා පැවසීය.

මැතිවරණ කොමසාරිස්වරයා පළාත් සභා පිළිබඳ ප‍්‍රශ්නය ජනාධිපතිවරයා ඉදිරියට ගෙනැවිත් ඇතැයි කී අමරවීර මන්ත්‍රීවරයා මේ පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට යන්නැයි ඉල්ලා ඇති බව ද කීය.

රට තුළ විශාල කථාබහක් ඇති අතර පාර්ලිමේන්තුවට හා ජනාධිපතිවරයාට විවිධ චෝදනා එල්ල වී ඇති බව කී මන්ත‍්‍රීවරයා එවැනි තත්ත්වයක් යටතේ මධ්‍යම කාරක සභාව මෙම පියවර ගත් බව ද පැවසීය.

No comments:

Ad
Powered by Blogger.