සිරිසේන තනිවෙලා: ඩග්ලස් හා ASP හැර සියලු පක්ෂ ජනපති හැර ගිහින්.


ශ්‍රීලනිප නායක හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ පසුගිය කාලයේ සන්ධාන ගතව සිටි පක්ෂ 17න් පක්ෂ 15ක්ම මේවන විට ඉවත්ව ගොස් ඇති බව වාර්තා වේ.

ජනාධිපතිවරයා සමඟ ඔහු අත්නොහැර මේවන විට සිටින්නේ ඊලාම් ජනතා ප්‍රජාතාන්ත්‍රවාදි පක්ෂය හා කම්කරු පක්ෂය පමණකි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතා ඊලාම් ජනතා ප්‍රජාතාන්ත්‍රවාදි පක්යේ නායකයා වන අතර කම්කරු පක්ෂයේ නායකයා වන්නේ කටාර් හි හිටපු තානාපති ඒ.එස්.පී. ලියනගේ මහතාය.

මෑතකදීම ජනාධිපතිවරයා හැරගොස් ඇත්තේ ඒ.එල්.එම්. අතාවුල්ලාගේ ජාතික කොංග්‍රසය බවද වාර්තා වේ.

මෙසේ ඉවත්ව ගිය පක්ෂ බොහොමයක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ (පොහොට්ටුව) සමඟ එක්ව ඇති අතර ඔවුන් මේවන විට දිගින් දිගටම එම පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා සමඟ ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන අපේක්ෂකයා, සන්ධානයේ නම, වැඩපිළිවෙල හා ලකුණ සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වමින් සිටින බව පැවසේ.

ජනපතිවරයා සමඟ සන්ධානගතව සිටි පක්ෂ බොහොමයක් පොහොට්ටුවට පූට්ටුකර ඇත්තේ සරත් කීර්තිරත්න මහතා බවද මේ අතර විශ්වාසකටයුතු ආරංචි මාර්ගයකින් වාර්තා වේ.

No comments:

Ad
Powered by Blogger.