"මම ආවොත් පෙර පාසල් විප්ලවයක් කරනවා": සජිත්, කුමාරිසිතුපහන්ගම දී කියයි.


සෑම දරුවෙකුටම නිදහස් නිවහල් පෙර පාසල් අධ්‍යාපනයක් ලබාදීම වෙනුවෙන් තමන් කටයුතු  කරන බව නිවාස,ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (28) හම්බන්තොට තිස්සමහාරාම කුමාරිසිතුපහන්ගම උදාගම්මානය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. 

එළඹෙන නොවැම්බරයේ ජනතාව  සජිත් ප්‍රේමදාස පිළිබඳ සුදුසු තීන්දුවක් ගත හොත් පෙර පාසල් විපලවයක් ඇති කිරීමට කටයුතු කරන බව ප්‍රේමදාස මහතා කියාසිටියේය. 

ඒ අනුව පෙර පාසල අධ්‍යාපනය විධිමත් කර,ශක්තිමත් කර,රජයේ නියාමනයට යටත් කර පෙර පාසල්  දුවා  දරුවන්ට තඹ සතයක් වත් නොගෙවා නිදහස් නිවහල් හා සියලු පහසුකම්වලින් සමන්විත පෙර පාසල් සකස් කරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. 

මේ අතර  පෙර පාසලේ ඉගැන්වීම් කටයුතු කරන ගුරුවරියන්ට වැටුපක් ලබාදීමටත් කටයුතු කරන බවයි හෙතෙම පැවසුවේ. 

එපමණක් නොව එම දරුවන්ට දිව ආහාරයද ලබාදෙන බවයි ඔහු වැඩි දුරටත් කියාසිටියේ. 

No comments:

Ad
Powered by Blogger.