ජාතික නායකත්වයකට සුදුසුයි: කිරිඇල්ලට කඳුරටින් නියත විවරණ.
රජයක් ලෙස ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී ඇතිවන සියලුම බාධාවන්ට මුහුණ දෙමින්, 2015 මහා මැතිවරණයේදී ලබාදුන් මැතිවරණ පොරොන්දු අනුව යමින් කැබිනට් පත්‍රිකාවක් අනුමත කරමින් ඉතිහාසයේ පළමු වතාවට අප රටේ වතු කම්කරු ජනතාවට පර්චස් 7ක ඉඩම් කැබැල්ලක් සින්නක්කරව ලබා දීමට කටයුතු ආරම්භ කළ කිරිඇල්ල අමාත්‍යතුමා කියා සිටියේ, මෙම වැඩපිළිවෙල බාධක මැද ඉදිරියට ගෙනයාමට හැකිවීම පිළිබඳව එජාප රජයේ අමාත්‍යවරයෙක් ලෙස ආඩම්බර වන බවයි.
මෙහිදී තව දුරටත් කිරිඇල්ල අමාත්‍යතුමා අදහස් දක්වමින් කියා සිටියේ, 2015 වන විට පහුගිය මහින්ද රජය රට ට්‍රිලියන ගණනක ණය උගුලක හසුකර, ජාත්‍යන්තර වශයෙන් සම්බාධක දමන තත්වයකට රට අගාධයකට රැගෙන ගොස් නැවත ගොඩ ගැනීමට නොහැකි තැනකදී රට අනාථ කර පැන ගිය බවයි. එමෙන්ම එසේ පැන ගිය නඩය නැවත බලයට පැමිණීමට උත්සාහ කරන්නේ කුමණ සැලසුමක් ඇතුවද යන්න ගැටළු සහගත බවයි. රටක් ඉදිරියට කරගෙන යාමට අපහසු තත්වයකට පැමිණි පසු පැන ගිය හිටපු ජනාධිපතිතුමාගෙන් පසු 2015 රට බාරගත් එජාප රජය අද වන විට ජාත්‍යන්තර ප්රජාවත් සමඟ නැවත එක වෙමින් සාර්ථක ගමනක් යන අතරම රටේ සියලුම කොට්ඨාශ වලට මිලියන ගණනක ප්‍රතිපාදන යොදවා රටම එක ලෙස සංවර්ධනය කරමින් රාජපක්ෂලාගේ ට්‍රිලියන ගණනක ණය කෙසේ හෝ ගෙවා රට ස්ථාවර කරන බවට කිරිඇල්ල මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.
උත්සවයට සහබාගි වූ පාර්ලිමේන්තු මන්ත්‍රී වෙලුකුමාර් මහතා ප්‍රකාශ කලේ ලක්ෂමන් කිරිඇල්ල අමාත්‍යතුමාගේ කැපවීමත් උත්සාහයත් නිසා අද මේ අයුරින් ඉඩම් ලබාදීම සාර්ථකව සිදුකරගෙන යන බවත් මේ වනවිට ඉඩම් 7000 ක් පමණ බෙදා දි අවසන් බවයි. වැඩි දුරටත් අදහස් දක්වමින් කියා සිටියේ, ලක්ෂමන් කිරිඇල්ල මහතා කදුරට නායකයා ලෙස ඉතා හරවත්, සාරවත් ගමනක් පැමිණි අමාත්‍යවරයෙක් වන අතර දශක ගණනාවක් කදුකරයට අහිමිවූ සංවර්ධනය එතුමා නිසා නැවත උදාකරගැනීමට හැකියාව ලැබුණු බවයි. එමන්ම ඉදිරි මැතිවරණයේදී අවශ්‍ය ජාතික නායකත්වය සඳහා ලක්ෂමන් කිරිඇල්ල මහතා ඉහලින්ම යෝජනා කරන බවත් එම ජාතික නායකත්වය කදුරටට ලබා ගැනීමට සියලු සුළු ජාතික පක්ෂ සුදානම් බවත් වෙලුකුමාර් මහතා පැවසිය.
No comments: