අපේක්ෂකයා සජිත් නං අපේ සහාය නෑ: මුස්ලිම් සහ දෙමළ දේශපාලන පක්ෂ.

     
ඉදිරි ජනාධිපතිවරණය සඳහා සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පෙරමුණේ හෝ අලුතින් පිහිටුවන ප්‍රජාතන්තවාදී ජාතික පෙරමුණේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන්නේ නම් ඔහුට කිසිදු සහායක් නොදීමට දෙමල පක්ෂ හා මුස්ලිම් පක්ෂ ගණනාවක් තීරණය කර තිබේ.

මුස්ලිම් කොන්ග්‍රසයේ රවුෆ් හකීම් ඇමතිවරයා පමණක් යම් ආකාරයක සහායක් සජිත්ට දක්වා ඇතත් එහි නිසාම් කාරියප්පර් ඇතුළු බහුතර කණ්ඩායමේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දක්වන බව පවසා තිබේ.

දෙමල හා මුස්ලිම් පක්ෂ සතුව මෙරට ඡන්ද ප්‍රමාණයෙන් සියයට තිහක් පමණ තිබෙන අතර ජනාධිපතිවරණයේ තීරණාත්මක සාධකය එයයි.

මේ අතර සජිත්ගේ පිය උරුමය අනුව යමින් නවීන් දිසානායකද ජනාධිපති ධුරයට ඇති කැමැත්ත මේ වනවිට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබේ.

[LNW]

No comments:

Ad
Powered by Blogger.