හේමසිරි - පූජිත් 9 තෙක් රිමාන්ඩ්: තීරණයෙන් සිරිසේනගේ සමීපතයෝ වික්ෂිප්ත වෙලා!

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර ජූලි 9වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන  ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න අද(03) නියෝග කළාය.

එදිනයට සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද මහේස්ත්‍රාත්වරිය බන්ධනාගාර අධිකාරීවරයාට දැනුම්දුන්නාය.

සිරිසේනගේ සමීපතයෝ වික්ෂිප්තයට !

කෙසේ නමුත් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට අත්වූ ඉරණම පිළිබඳව ජනාධිපති කාර්‍යාලයේ ප්‍රබල නිළධාරීන් පිරිසක් සහ ජනාධිපති සිරිසේනගේ හිතවතුන් ගණනාවක් ම වික්ෂිප්තයට පත්ව තිබෙන බව වාර්තා වේ.

ජනාධිපති සිරිසේන විසින් තමන්ගේ නිදහසට හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු බිලිඳුන් බවට ඔවුන් අතර අදහසක් ඇතැයි ද දේශපාලන ආරංචි මාර්ග පවසයි.

No comments:

Ad
Powered by Blogger.