ගෙවල් 50ක් හදන්න පත්තර 14ක දැන්වීම්: සජිත්ගෙන් දිනකට ලක්ෂ 100කට එහා නාස්තියක්?

     
නිවාස 50ක් ඉදිකිරීමේ කටයුතු සම්බන්ධයෙන් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා රුපියල් මිලියන ගණනක් වැය කරමින් ජාතික පුවත්පත් 14ක දැන්වීම් පළකරවා ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා පවසයි. 

ස්ථාන දෙකක නිවාස 25 බැගින් ඉදිකිරීමේ ව්‍යාපෘති දෙකක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් මෙසේ සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා පුවත්පත් 14කටත් වඩා වැඩි ප්‍රමාණයක දැන්වීම් පළ කරවාගෙන ඇති බවයි ඒ මහතා පෙන්වා දුන්නේ. 

සජිත් ප්‍රේමදාස මහතා මෙසේ තම ප්‍රතිරූපය ප්‍රවර්ධනය කරගැනීම සඳහා මහජන මුදල් අවභාවිතා කරමින් සිටින බවට ඒ මහතා චෝදනා කළ අතර ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සහ බුද්ධශාසන අමාත්‍යාංශය ද පළ කර තිබුණු දැන්වීම් කිහිපයක් සම්බන්ධයෙන් ද එහිදී අවධානය යොමු කෙරිණි. 

ලක්ෂ 100 - 150 බොළඳ පුනරාවර්තන වියදම්
     
මේ අතර තම පක්ෂයේ සිටින පුද්ගලයින් දහස් ගණනක් අතරින් සජිත් ප්‍රේමදාස මහතාව ඔසවාගෙන යන්නේ මාධ්‍ය මඟින් බවත් තමන්ට එය වලංගු නොමැති බවත් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

එක්සත් ජාතික පක්ෂය සහ එක්සත් ජාතික පෙරමුණ එකමුතුව රටට හඬ හඬා සිටින පුද්ගලයකු නොව, රටට ජයග්‍රහණය අත්කර දිය හැකි පුද්ගලයකු ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන බවයි ඒ මහතා සඳහන් කළේ.  

එසේම තම අමාත්‍යාංශය වෙනත් ගොඩනැඟිල්ලකට ගෙනයාමේ යෝජනාව සම්බන්ධයෙන් එල්ල වී චෝදනාවලට පිළිතුරු දෙමින් ඒ මහතා පැවසුවේ "පුම්බගෙන ඔය පොඩි පොඩි පැල්පත් හදාගෙන යනකොට දවසකට මිලියන 10 - 15 පත්තරවලට වියදම් කරනකොට ඒකට දැනෙන්නෙ නැද්ද ඔබ තුමාලට ? මේවා ප්‍රාග්ධන වියදම්. ඒවගේ බොළඳ පුනරාවර්තන වියදම් නොවෙයි" යනුවෙනි. 

No comments:

Ad
Powered by Blogger.