දකුණේ ආණ්ඩුකාර කීර්තිගේ මෝඩ තීරණ නිසා ගැටළු රැසක්!


දකුණේ පළාත් සභා පාසල් සවස 2.30 වනතෙක් පැවැත්වීම ගැටළු ඇති කරන බව එම පළාතේ පාසල් දරුවන්ගේ දෙමව්පියන් චෝදනා කරයි.

මේ පිළිබඳව එම පළාතේ පාසල් දරුවකුගේ දෙමව්පියෙක් වන නදීක සෙනරත් මහතා තබා තිබූ සටහනක් පහතින්,

ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි දකුණු පළාතේ පාසල් සවස 2.30 දක්වා පැවැත්වීමට නියෝග කර ඇත. මෙය දුර දිග බලා ගන්නා ලද තීරණයක් නොවන බවයි දෙමාපියන් පවසන්නේ. දකුණේ සියලුම පාසල් මේ යටතේ පැයක් වැඩිපුර පවත්වන්නේ නැත. 

ජාතික පාසැල් සාමාන්‍ය පරිධි අවසන් වේ. ඉන් පිටවන ළමයින් සාමාන්‍ය වේලාවට පිටත්වන විට අනෙකුත් පළාත් සභා පාසල් වල ළමයින් අධ්‍යාපනයේ යෙදෙති.

එක ශ්‍රේණියේ දරුවන්ට පැයක් වැඩිපුර අධ්‍යාපනය ලැබීමත් හාස්‍ය උපදවන කාරණයකි.

මින් ඇතිවන ගැටළු අතර මුලින්ම එන්නේ ප්‍රවාහන ගැටළුය.

* සාමාන්‍ය බස් රථ පාසල් හා සමගාමීව සිදු වුවත් දැන් බස් නැත.
* පාසල් වෑන් රථ ජාතික පාසලේ ළමයා ගෙන අනිත් ළමයින් එනතෙක් බලා සිටිය යුතුය.
* රාජ්‍ය සේවයේ දිවා විවෙිකය තුල ළමයින් ගන්නා දෙමාපියන් දරුවන් 
පාසැල් 2ක සිටින විට වෙලාවන් දෙකකට ළමයින් ගත යුතුය.
* පාසැල් බස් නොමැති නිසා දෙමාපියන් කුලී රථ භාවිතා කළ යුතුය.
* පළමු වසරේ ළමයින් වැඩි වේලාවක් රඳවා ගැනීම අධ්‍යාපන මනෝ විද්‍යාත්මක ගැටළුද ඇති කරයි.

සියලුම පාසල් හා සම්බන්ධිත සේවා සියල්ල එක්ව පාසල් වේලාව දීර්ඝ කරන්නේ නම් එය හොඳ තීරණයක් බවත් සඳහන් කළ යුතුමය.

කීර්ති මහතාණෙනි, ගැටලු හඳුනාගෙන ඒවාට ලබාදිය යුතු වන්නේ නිසි විසඳුම් මිස ගස් ආරක්ෂාවට ලී මඩු තහනම් කරනවා වැනි විසඳුම් නොවන බවත් ඔබ වැන්නකුගේ තීන්දු තීරණ දකුණේ ජනතාවගේ පහසුකම් වැඩි දියුණු කරන්නටත් යොදා ගත යුතු බවත් අප ඔබට ආදරයෙන් මතක් කරන්නෙමු.

[නදීක]

No comments:

Ad
Powered by Blogger.