කෙබර දේශනාවක් නිසා: මැදගොඩ අභයතිස්ස හිමියෝ CID යට.


කාන්තන්කුඩි ප්‍රදේශයේ පුද්ගලයන් 20 දෙනෙක්ටෂරියා නීතිය යටතේ මරණී දඩුවම ලබා දී ඇති බවට තමා සතුව තොරතුරු ඇතැයි මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන් පසුගියදා කළ හෙළිදරව්ව සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ලෙසට වැඩබලන පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත දැනුම් දී ඇති බව පොලිස් මුලස්ථානය සඳහන් කළේය.

ඉකුත් (04) වැනිදා වහාබ් අන්තවාදයට එරෙහි ජනතා ව්‍යාපාරය නුගේගොඩ දී පැවැත් වු ජනහමුවේ දී මැදගොඩ අභයතිස්ස හිමියන් මේ සිද්ධිය හෙළි කර තිබුණි.

තමන් සතුව ඊට අදාළ තොරතුරු ඇති බවත් ඒවා මාධ්‍යට ලබා නොදෙන බවත්, අවශ්‍යනම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දිය හැකි බවත් උණ්වහන්සේ එහිදී සදහන් කර තිබුණි.

මෙම හෙළිදරව්ව සැලකිල්ලට ගත් වැඩබල පොලිස්පතිවරයා ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලිඛිතව දැනුම් දී ඇතැයි ද මේ අතර වාර්තා වේ.

මෙම හෙළිදරව්ව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාලව ඉදිරියේ මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ ලබා ගැනීමට නියමිතව ඇත.

No comments:

Ad
Powered by Blogger.