රනිල්ගේ වැඩේට් සජිත් එකඟයි: සජිත් නැවතත් සිය සගයන් පාවා දෙයි?

අගෝස්තු පළමුවැනිදා එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය වෙත ඉදිරිපත් කළ, එජාපය ප්‍රමුඛ නව සන්ධානයේ අවබෝධතා ගිවිසුමට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල සභිකයන් බහුතරයකගේ සහාය හිමි විය. ඒ සඳහා විරෝධය දැක්වූයේ සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපති අපේක්ෂකත්වය හිමි වියයුතු බවට ප්‍රකාශ කරන කෘත්‍යාධිකාරී මණ්ඩල සභිකයන් පමණි.

ඒ අනුව මන්ත්‍රීවරුන් 07 දෙනෙකු, අගමැතිවරයා විසින් ඉදිරිපත් කළ අවබෝධතා ගිවිසුමට විරෝධය පළ කළේය. ඒ මංගල සමරවීර, මලික් සමරවික්‍රම, කබීර් හෂීම්, අජිත් පී. පෙරේරා, එරාන් වික්‍රමරත්න, සුජීව සේනසිංහ, හරීන් ප්‍රනාන්දු යන කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන්ය. ඔවුන් අගමැතිවරයා ඉදිරිපත් කළ ලියවිල්ලට දැඩිලෙස විරෝධය දැක්වූ අතර එහි අඩුපාඩු පිළිබඳව ද විවෘතව කතා කර තිබේ.

කෙසේ වෙතත් අදාල අමාත්‍යවරුන් විසින් ජනාධිපති අපේක්ෂක්වය ලබාදිය යුතු යැයි තරයේ කියා සිටින සජිත් ප්‍රේමදාස මහතා ඊට එරෙහිව තදබල විරෝධයක් දක්වා නොමැති අතර අගමැතිවරයාගේ ලියවිල්ලට සෙසු ඇමතිවරුන් අත ඔසවා විරෝධය පළ කරද්දී ඔහු කිසිවක් සිදු නොවූ ගාණට සිටි බවයි වාර්තා වන්නේ. අගමැතිවරයා කැමැත්ත අකමැත්ත විමසා අවසන් වීමෙන් පසුව හදිසියේ නින්දෙන් ඇහැරුණු පුද්ගලයෙකු මෙන් අත ඔසවමින් අගමැතිවරයා ඉදිරිපත් කළ අවබෝධතා ගිවිසුමට තමන් විරුද්ධ බව අත ඔසවමින් පවසා තිබේ.

ඊට ප්‍රතිචාර ලෙස එජාප නායකයා පවසා ඇත්තේ 'ආ..... දැං අපි කැමැත්ත අකමැත්ත විමසලා ඉවරයි' යනුවෙනි.

සජිත් ප්‍රේමදාස මහතා දිගින් දිගටම අනුගමනය කරන්නේ මෙම නිද්‍රාශීලි ප්‍රතිපත්තියයි.

වසර ගණනාවක් තිස්සේ එජාප නායකත්වය පිළිබඳ සිහින දකින සජිත් ප්‍රේමදාස මහතා සිතා සිටින්නේ, රනිල් වික්‍රමසිංහ මහතා පැළඟගෙන සිටින නායකත්ව ඔටුන්න කවුරුන් හෝ ගලවා තමන්ගේ හිසේ පළඳිනා තුරුය. එසේ නැතහොත් රනිල් වික්‍රමසිංහ මහතා සිය ඔටුන්න ගලවා සජිත්ගේ හිසේ පළඳනා තුරුය.

එතෙක් විටින් විට එජාප පාක්ෂිකයා ඉදිරියේ, මාධ්‍ය ඉදිරියේ ඔටුන්න ඕනෑ'යි කියමින් හඬා වැලපෙයි.

සජිත් ප්‍රේමදාස මහතාට එජාප නායකත්වය ලබා ගැනීම සඳහා අවස්ථා කිහිපයක් ලැබුණු අතර ඒ සෑම අවස්ථාවකදීම ඔහු සිදුකළේ, තමාට නායකත්වය ලබා ගැනීමට සහාය දක්වන, ඒ වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ මහතා සමග ගැටුම් ඇතිකර ගන්නා මන්ත්‍රීවරුන්, එජාප පාක්ෂිකයන් පාවා දී රනිල්ගේ නායකත්ව ඔටුන්න ආරක්ෂා කිරීමයි.

රටේ නායකත්වය ගැන අද සිහින දකින්නේ මෙවැනි නිද්‍රාශීලී, දර්ශනයක් හෝ වැඩපිළිවෙලක් නොමැති, තමා සමග සටන් කරන සටන් සගයන් පාවාදෙන පුද්ගලයෙකි. සජිත් ප්‍රේමදාසට එජාප නායකත්වය සඳහා ඇති එකම සුදුසුකම වන්නේ ඔහුගේ පියා ආර්. ප්‍රේමදාස මහතා රටේ නායකත්වය හා එජාපයේ නායකත්වය දැරීම පමණි.

සජිත් නියම නායකයෙකු නම් ඔහු මේ වනවිටත් එජාපයේ බලය අල්ලා තිබිය යුතුය. ඒ සඳහා ඔහුට අවස්ථා ගණනාවක් උදා විය. එහෙත් ඒ කිසිදු අවස්ථාවකින් ප්‍රයෝජන ගැනීමට ඔහු අසමත් වූ අතර අවසානයේ සිදු වූයේ ඔහු වෙනුවෙන් සටන් කළ සගයන් පාවාදීම පමණි.

අවසානයේ බැලූවිට රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔටුන්න හැමවිටම ආරක්ෂා කර ඇත්තේ ඔටුන්න ඕනෑ'යි කියමින් බෑඟිරි ගාන සජිත් ප්‍රේමදාස මහතාම විසිනි.

[LNW]

No comments:

Ad
Powered by Blogger.