TATA වෙතින් වර්ග අඩි තිස්ලක්ෂයක කුඩා නගරයක් කොළඹට.


කොළඹ කොම්පඤ්ඤවීදියේ මෙට්‍රෝ හෝම්ස් නිවාස ව්‍යාපෘතියට යාබදව, ටාටා සමාගම විසින් වර්ග අඩි 300,000 ක කුඩා නගරයක් ඉදිකිරීමට නියමිත බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.  ඉන්දියානු ආධාර යටතේ කොළඹ, කොම්පඤ්ඤ වීදිය ප්‍රදේශයේ ඉදිකරන ලද “මෙට්‍රෝ හෝම්ස්” මහල් නිවාස සංකීර්ණය විවෘත කිරීමේ උත්සවයට සහභාගි වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා,

“අද මෙට්‍රෝ හෝම්ස් යටතේ මේ අලුත් නිවාස සංකීර්ණය ඉදිකරලා තියෙනවා. මේ ප්‍රදේශයේ විශාල වෙනසක් ඇති වෙලා තියෙනවා. මෙතන තිබුණ ඒ නිවාස වෙනුවට අලුත් නිවාස මෙතන ඉදිකරලා තියෙනවා.“

“අනෙක් අතට මේ නිවාස ඉදි කරපු ටාටා සමාගම මේ පැත්තේ, තවත් විශාල ගොඩනැගිල්ලක් ඉදිකරන්න යනවා. වර්ග අඩි මිලියන 3ක්. පොඩි නගරයක්. මිශ්‍ර සංවර්ධනයක්. සාප්පු තියෙනවා, කාර්යාල තියෙනවා, නිවාස තියෙනවා, කුඩා නගරයක් මෙතන තියෙනවා. අලුත් සංවර්ධනයක් එන්නේ.“

“මෙතෙක් කල් මේ මාර්ගයේ නවලෝක ගොඩනැගිල්ල දක්වා ඇවිල්ලා තියෙන සංවර්ධනය දැන් මේ ප්‍රදේශයට එනවා. මේකෙන් බොහෝ දෙනෙක් ජීවත් වෙන්න යනවා. අවට අයට ආදායම් වැඩි කරන්න පුළුවන්.“

No comments:

Ad
Powered by Blogger.