ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් එන අපේක්ෂකයාගේ හැඩ!


මමත් අජිත් කොලොන්නෙ මහත්තයා වගේ වියහැකියා සම්භාවිතාවන් බලල මේ අනාවැකි කියන්නෙ. එහෙම කියන්නෙ හුඟාක්ම විනෝදෙටත් එක්ක. හැබැයි විහිළුවටම නෙවෙයි. ඉතින් මේ සැරේ මිනිස්සු ඉල්ලන්නෙම හමුදා පසුබිමක් තියෙන අයමනෙ.

අපේ ගෝටා සර් බැළුවත්, අජිත් කොලොන්නෙ සර් බැළුවත් ඉතින් ඒ අයටත් හමුදාමය පසුබිම්මනෙ තියෙන්නෙ. ඉතින් ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණත් හිටපු හමුදා නිලධාරියෙක් ඉදිරිපත් කරන්න සෑහෙන්න ඉඩ තියෙනව. මගේ අනුමානය නම් ඒ හිටපු කපිතාන් වරයකු වන කරූ ජයසූරිය මැති තුමායි.

මගේ දත්ත විශ්ලේශණයට පදනම් වුනු කරුණුත් මම කෙලින්ම කියන්නම්. මේ සැරේ ප්‍රධානම මාතෘකා වෙලා තියෙන්නෙ 
1. ජාතික ආරක්ශාව.
2. තීරණාත්මක භාවය. (Decisiveness)
3. ජාතිකත්වය. (National Feeling)
4. දූෂණ චෝදනා අවම වීම.
5. ස්ථාපිත බෞද්ධ සoස්ථාවල සහයෝගය.
වගේ කාරනා. ඉතින් ඔය සියල්ලටම බර තියල ඒ ඒ සාධක වලට විවිධ බර තැබීම් කරල උපමාන දර්ශක ජාල විශ්ලේශණ ක්‍රමයෙනුයි (Criteria Rating) මම මේ අනාවැකිය කියන්නෙ.

තම තමන්ගෙ වහල් ස්වාමි වරුන් අදහගෙන ඉන්න මහත්වරුන් ඡන්ද අගතියෙන් සහ ක්‍රෝධයෙන් ප්‍රකාශ නිකුත් නොකරත්වා. මා කියා ඇත්තේ අනාවැකියක් පමණයි. අවසන් ප්‍රථිඵළය ගැන කියන්න නම් කාලය මදි.

- චන්න කරුණරත්න

No comments:

Ad
Powered by Blogger.