සිරිසේනගෙන් සජිත්ට සහතිකයක්: ඇමතිකම් 93ක් සමඟ යළි ජාතික ආණ්ඩුවක්!

      
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා දූෂිතයකු හෝ හොරෙකු නොවන බව ජනාධිපති සිරිසේන පවසයි.

තමුන්ට ඒ සහතිකය ලබා දිය හැකි බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති සිරිසේන මෙම අදහස් පළ කළේ පොළොන්නරුවේ දී පැවති උත්සව සභාවක් අමතමිනි.

සජිත් - මෛත්‍රී එකමුතුවෙන් ජාතික ආණ්ඩුවක්
     
මේ අතර සජිත් ප්‍රේමදාස මහතාව එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස නම් කිරීමෙන් අනතුරුව ඉතාමත් ඉක්මනින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාව ඉවත් කර, සජිත් ප්‍රේමදාස මහතාව එම තනතුරට පත් කිරීමට නියමිත බව අපි මීට පෙර පුවතකින් අනාවරණය කළෙමු. 

එහි ඊළඟ පියවර ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පෙරමුණ එක්කර යළිත් ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සූදානමින් සිටින බව වාර්තා වේ. 

ශ්‍රීලනිපය අතැර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එක්වීමේ සූදානමින් සිටින මන්ත්‍රීවරුන් එසේ යානොදී රඳවා ගැනීමත් සජිත් පාර්ශ්වයට සහාය නොදුන් එජාප මන්ත්‍රීවරුන්ගේ සහාය සජිත්ට ලබාගැනීමත් සඳහා ඔවුන්ට ඇමති ධුර පිරිනැමීම මෙම ජාතික ජාතික ආන්ඩුව බිහිකිරීමේ මූලික අරමුණ වී තිබේ. 

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ජාතික ආණ්ඩුවකදී කැබිනට් අමාත්‍යධුර 48ක් සහ නියෝජ්‍ය අමාත්‍යධුර 45ක් ලබාදීමට හැකියාව පවතී. 

ඒඅනුව ඉතා ඉක්මනින් ජාතික ආණ්ඩුව බිහිකර ශ්‍රීලනිපයේ දැනට සිටින සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අමාත්‍ය තනතුරු ලබාදීමටත් එජාපයේ සජිත් පාර්ශ්වයේ ඉදිරි පෙළ ක්‍රියාකාරීන්ට සහ මෙතෙක් ඇමතිධුර නොලැබුණු පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිසකට අමාත්‍ය තනතුරු ලබාදීමටත් දෙපාර්ශ්වය එකඟ වී ඇත. 

No comments:

Ad
Powered by Blogger.