රැල්ල සජිත්ට නොවන බව තහවුරුයි: පළාත් සභා නියෝජිත සහය 28ට බහියි [Exclusive]

සජිත් පාර්ශවයෙන් ලංකාවෙම පලාත් සභා නියෝජිතයින්ට තලවතුගොඩ මොනෑක් හෝටල් පරිශ්‍රයේදී හමුවක් සංවිධාන කර තිබින,150ක් ඉක්මවූ පලාත් සභා නියෝජිතයින් සැමගෙන් පැමිණ ඇත්තේ 28ක් බව හෙලිවී ඇත්තේ පසුවය.

අවසානයේ පුටු පුරවා තිබූ උත්සව ශාලාව වට මේස සාකච්චාවක් වූයේ පැමිනි අතලොස්සක් වූ පිරිස නිසාවෙනි.

කොළඹ දිස්ත්‍රික්කයේ එක්තරා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ජනමාධ්‍ය ගෙන්වා තම ලොකුව පෙන්වීමට උත්සහ කළද, පැමිනි අතලොස්සක් වූ පලාත්පාලන නියෝජිතයින් පෙන්වා තවත් සමච්චලයට ලක්වීමට හැකි නිසාවෙන් මාධ්‍ය ආවරණයට නොදී මාධ්‍යවේදීන් එලියට දැමීමට ඔවුනට සිදුවී ඇත.

පැමිණි ඒ අතලොස්සක් වූ පලාත් සභා නියෝජිතයින්ද එකිනෙකාට පවසා ඇත්තේ තමන්ට මුළු රටේම නියෝජිතයින් පැමිනෙන බව පැවසුවත් අවසානයේ ඉල්ලන් කෑවේ අපි බවය.නැවත මෙහෙම ලණු දීමට කටයුතු කොකරන ලෙසත් පැමිණි පිරිසෙන් කිහිපදෙනෙකු සංවිධායකයින්ට පවසා පිටව ගොස් ඇත.


පැමිණි සුළු මන්ත්‍රීවරුන් පිරිස

සජිත් අද රෑ විශේෂ හමුවක

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ පසුපෙල මන්ත්‍රීවරුන් සහ එම පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද(20) රාත්‍රීයේ පැවැත්වීමට නියමිතව තිබේ.

කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ මහතාගේ නිවසේ අද රාත්‍රීයේ අදාළ සාකච්ඡාව පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.

ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ පසුපෙල මන්ත්‍රීවරුන් එම පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් සාකච්ඡාවක් ඉල්ලා සිටි අතර ඒ අනුව අදාළ සාකච්ඡාව පැවැත්වීමට නියමිතව තිබේ.

එම සාකච්ඡාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමී මහතා මේ බව පැවසීය.

මේ අතර ජනාධිපති අපේක්ෂකයා තෝරා ගැනීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසකගේ අත්සනින් යුත් ලිපියක් ඊයේ(19) දිනයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට භාරදී තිබේ.

සතියක් තුළ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙන් වූ ගැටළුවට විසඳුම් ලබාදෙන ලෙස අදාළ ලිපියෙන් ඉල්ලීමක් කර ඇති බව කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා සඳහන් කළේය.

No comments:

Ad
Powered by Blogger.