Ad

බැසිල් රාජපක්ෂ කරලියේ නැත්තේ ඇයි?

     
ගෝඨාභය රාජපක්ෂ මහතාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස නම් කළ අගෝස්තු 11 වනදායින් පසුව එම පක්ෂයේ සමස්ත ශක්තියම යොදවා සිදුකළ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පළමු ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපෘතියේ එකදු මහජන රැස්වීමකටවත් බැසිල් රාජපක්ෂ මහතා සම්බන්ධ වී සිටියේ නැත. 

පොහොට්ටුවේ සමුළුවට පෙර සතියම මාධ්‍ය හමු දෙකක් ද පවත්වමින් අතිශය ලෙස ක්‍රියාකාරීව සිටි බැසිල් රාජපක්ෂ මහතා සමුළුවෙන් පසුදා සිට දින නවයක් පුරාම කරළියෙන් අතුරුදන්ව සිටීම විමතියට කරුණක් බවයි දේශපාලන විචාරකයින් පෙන්වා දෙන්නේ.

මන්දයත් තමන් විසින්ම ගොඩ නැඟූ පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස තමන්ගේම සොහොයුරා නම් කර සිටියදී අතිශයින් තීරණාත්මක ඔහුගේ මංගල ප්‍රචාරණ ව්‍යාපෘතියට වඩා වැදගත් දෙයක් තවත් සහෝදරයෙකුට තිබිය නොහැකි බැවිනි. 

අනෙක් අතින් රාජපක්ෂ පවුලට සිටින අතිදක්ෂ සංවිධායකයා වන බැසිල් නොමැති අඩුව ගෝඨාගේ මංගල ප්‍රචාරණ ව්‍යාපෘති වටය පුරාම ඉතාම පැහැදිලිව දක්නට ලැබුණේ ගෝඨාට එම දින අට පුරාම පන්සිල් සමාදන්වීම, අටපිරිකර පූජාකිරීම, පල්ලි යෑම, කෝවිල් යෑම සහ වචන දෙකෙන් තුනෙන් ස්තූති කතාවක් කිරීම හැර වෙනත් කිසිවක්ම කරකියාගත නොහැකි වීමෙනි. 

රාජපක්ෂ පවුලේ අතිදක්ෂ සංවිධායකයා 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එළියට විසිවී, හුදෙක් ඒකාබද්ධ විපක්ෂ කල්ලිය ලෙස යන එන මං නැතිව සිටි රාජපක්ෂ පාර්ශ්වයේ දේශපාලනඥයින්ට ඉතා කෙටිකලක් තුළ දේශපාලන පක්ෂයක් නිර්මාණය කර දුන්නේත් එය ශ්‍රී ලංකාවේ වඩාත්ම සංවිධානාත්මකම පක්ෂය බවට පත් කළේත් වසර දෙකක් තුළ සමස්ත ශ්‍රී ලංකාවෙන්ම 42%ක තරම් ඉහළ ඡන්ද ප්‍රතිශතයක් පළාත් පාලන මැතිවරණයෙන් ලබා දුන්නේත් බැසිල් රාජපක්ෂය. 

රටම හෙල්ලූ 2017 මැයි දිනයට ගෝල්ෆේස් පිටිය පුරවා පෙන්නුවේ බැසිල් විසිනි. රැල්ලේ මුල වූයේ එතැනය. බැසිල් නැතිව පොහොට්ටුවට එවන් හපන්කම් කළ නොහැකි බව ද ඇස් පනාපිටම ඔප්පු වූයේ ඔහු ඇමරිකාවේ සිටියදී නාමල් රාජපක්ෂ විසින් සංවිධානය කළ කොළඹ වැටළීම අතිශය අසාර්ථක වීමෙනි. 

එවැනි අතිදක්ෂ, රාජපක්ෂ පවුලේ තීරණාත්මකම සාමාජිකයා මෙවැනි අතිශය උද්වේගකර, තීරණාත්මක මොහොතක ගෝඨාගේ ප්‍රචාරණ ව්‍යාපෘතිය වෙනුවෙන් මඟට නොබැසීම තේරුම් ගැනීමට අසීරු කරුණකි. 

අපි නොදන්නා බැසිල් දන්නා දෙයක් ?

විශේෂයෙන්ම ගෝඨාගේ ප්‍රචාරණ ව්‍යාපෘතිය එකදිගට පත්වාගෙන යා හැකි වූයේ දින 8ක් පමණක්ම වූ අතර මේ වනවිට සියල්ල හුළං බැස තිබේ. 

මේ අනුව අප නොදන්නා යමක් බැසිල් රාජපක්ෂ දන්නා නිසාම ඔහු මීට වෙහෙස නොවන්නේදැයි යන සාධාරණ ප්‍රශ්නය මතුවන බවයි දේශපාලන විචාරයකින් පෙන්වා දෙන්නේ. 

[LNW]

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.