සිරිසේනගේ නිර්දේශයට දවසයි: සජිත්ට රාජ්‍ය මුදල් අවභාවිතා කරන බවට චෝදනා!


අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මධ්‍යම සංස්කෘතික අරමුලේ මුදල් දේශපාලන කටයුතු සඳහා යොදාගනිමින් සිටින බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා චෝදනා කරයි.

අද විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේබව සඳහන් කළේය. 

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර ඉදිරියේදී සාකච්ඡා පැවැත්වෙනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.

ඒ, ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී වූ පළමු පක්ෂ නායක රැස්වීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින්ය. 

ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීම ඊයේ රාත්‍රියේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදී පැවැත්වුණි.

කෙසේ නමුත් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා දූෂිතයකු හෝ හොරෙකු නොවන බව ජනාධිපති සිරිසේන පවසයි.

තමුන්ට ඒ සහතිකය ලබා දිය හැකි බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.


ජනාධිපති සිරිසේන මෙම අදහස් පළ කළේ පොළොන්නරුවේ දී පැවති උත්සව සභාවක් අමතමිනි.

No comments:

Ad
Powered by Blogger.