කුමන්ත්‍රණ වානා: සජිත් - මෛත්‍රී දීගයට එජාපයෙන් විරෝධයක්!

   
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ එක්ව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාව තනතුරෙන් ඉවත් කර ඊට සජිත් ප්‍රේමදාස මහතාව පත්කිරීමේ උත්සාහයක සජිත් පාර්ශ්වය නියැළෙමින් සිටින බවට අපි මුලින්ම පසුගිය 16 වනදා සහ 17 වනදා අනාවරණය කළෙමු.

එම පුවත් සනාථ කරමින් එවන් උත්සාහයක් පිළිබඳ තොරතුරු තමන් වෙත ද ලැබී ඇති බවත් එවැන්නක් සඳහා සාකච්ඡා පැවැත්වෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ම පිළිගත් බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය ආශු මාරසිංහ මහතා ඊයේ (21) ප්‍රකාශ කළේය.

"නැවතත් අපට ආරංචියි මේ රටේ දින 52 වගේ එහෙම ආණ්ඩුත් හදන්න සාකච්ඡා වෙනවා කියලා රෑට රෑට. ඒවට නම් ලෑස්ති වෙන්න එපා, මේ රටේ කවුරුහරි කෙනෙක් නැවත කුමන්ත්‍රණය කරලා බලයට එන්න හරි තමන්ගේ ජනප්‍රියත්වය වැඩි කරගන්න හරි හදනවා නම් මතක තියාගන්න ඕනෙ ඒක ඒ අයගෙ අවසානය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමහර මන්ත්‍රීවරුන්ගෙන් ඇහුවාම ඒ අය කිව්වෙ 'එහෙම සාකච්ඡාවක් යනවා' කියලා. " යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

ආශු මාරසිංහ මහතා මේ බව පැවසුවේ ඊයේ (21) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

No comments:

Ad
Powered by Blogger.