අගමැතිගේ සාදයට ඇවිත් නැත්තේ 4 දෙනයි.


සජිත් එනවා මැයෙන් ඊයේ (23) මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගනයේ පැවති රැළියට සහභාගී වූ මැති ඇමතිවරුන් පිරිසක් ඊයේ රාත්‍රියේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සූදානම් කර තිබූ සාදයට ද සහභාගීව ඇති බව වාර්තා වෙයි.

ඒ අතර අමාත්‍ය හර්ෂ ද සිල්වා, ඉරාන් වික්‍රමරත්න, නලින් බණ්ඩාර ඇතුළු පිරිසක් වූ බවත් වාර්තා වෙයි.

කෙසේ වුවත් මෙහිදී එළැඹෙන ජනාධිපතිවරණය සදහා යොදවන එජාප අපේක්ෂකයා සම්බන්ධව කිසිත් සාකච්ඡා කර නොමැති බවත් වාර්තා වෙයි.

සජිත්, මංගල, හරීන් හා බුද්ධික නෑ

මෙම සාදයට සජිත් පෙ‍්‍ර්මදාස, මංගල සමරවීර, හරීන් ප‍්‍රනාන්දු හා බුද්ධික පතිරණ යන අමාත්‍යවරුන් හැරැණු විට අනෙක් සියලුම එජාප ප‍්‍රබලයින් සහභාගී වී ඇතැයි වාර්තා වේ.

අගමැති කාර්යාල ප‍්‍රකාශකයෙකු සමග කියා සිටියේ මෙම සාදයට දෙමළ ජාතික සංධානයේ සියලුම මන්ත‍්‍රීවරුන්ට ආරාධනා කර තිබු බවත් ඔවුන් සියලු දෙනාම මේ සාදයට පැමිණ තිබීම විශේෂ සිද්ධියක් වු බවය.

ඊයේ දිනයේ මාතරදී එජාපයේ ජන රුලියක් පැවති අතර එහි ප‍්‍රධාන සංවිධායකයින් ලෙස කටයුතු කළ මංගල සමරවීර, හරීන් ප‍්‍රනාන්දු හා බුද්ධික පතිරණ යන මන්ත‍්‍රීවරුන් ඊයේ දිනයේදී ඔවුන් කාර්ය බහුල බැවින් මෙම සාදයට එක් නොවන්නට ඇතැයි තමා විශ්වාස කරන බව අගමැති කාර්යාල ප‍්‍රකාශකයා පැවසීය.


නියෝජ්‍ය නායක සජිත් පෙ‍්‍ර්මදාස මහතාගේ ප‍්‍රධානත්වයෙන් එය පැවති බැවින් ඔහුටද එයට සහභාගීවීම අසී රු වනු අතැයි ඔහු විශ්වාස කළේය.

No comments:

Ad
Powered by Blogger.