අජිත් පී. ජෝකර්ට වැටේ: සජිත්ගේ 18 වංගුව මෙන්න.


එජාප නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එජාපය හා සන්ධාන ගතවන සෙසු පක්ෂවල ගෞරවය හා ඔවුන්ට පාලන බලයට සම්බන්ධ විය හැකි ලෙස සන්ධාන කෙටුම්පත බලය බෙදා සැකසීම සම්බන්ධයෙන් කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා විරුද්ධ වී ඇතැයි වාර්තා වේ.

සන්ධාන ව්‍යවස්ථා කෙටුම්පත වෙනස් කරන ලෙසත්, ඒ සඳහා යෝජනා ඇතුළත් ලිපියක් අග්‍රාමාත්‍යවරයා වෙත යොමු කරමින් ඔහු මේ විරෝධය දක්වා තිබේ.

අදාළ ලිපියේ ප්‍රධාන යෝජනා 8ක් ඇතුළත් බව පැවසේ.

ඉන් පළමුවැන්න වන්නේ යෝජිත ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ලේකම්වරයා අනිවාර්යෙන්ම එක්සත් ජාතික පක්ෂයෙන් පත්විය යුතු බවය.

පක්ෂ ලියාපදිංචි කාර්යාලය සිරිකොත විය යුතු බවත්, එය එක් කුඩා පක්ෂයක මන්ත්‍රීවරයෙකු සතු පෞද්ගලික ස්ථානයක් වීම නුසුදුසු බවත් අදාළ ලිපියේ සඳහන්ව ඇතැයි පැවසේ.

යෝජිත නායකත්ව මණ්ඩලය සාමාජිකයින් 10 දෙනෙකු සිටී නම් ඉන් 6 දෙනෙකු එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මන්ත්‍රිවරුන් විය යුතු බවත්, එහිදී පක්ෂය නියෝජනය කරන තැනැත්තන් කවුද යන්න පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කළ යුතු බ ත් අදාළ ලිපිය මගින් අජිත් පී. පෙරේරා අමාත්‍යවරයා අග්‍රාමාත්‍යවරයාට දැනුම් දී ඇති බව වාර්තා වේ.

යෝජිත ව්‍යවස්ථාවට සංශෝධන ඇතුළත් කර කෘත්‍යාධිකාරී මණ්ඩලය තුළ අනුමත කරනතුරු එකී පෙරමුණ පිහිටුවීම සදහා ගිවිසුම් අත්සන් නොකරන ලෙස ද අදාළ ලිපිය මගින් අමාත්‍යවරයා ඉල්ලා තිබේ.

අමාත්‍යවරයා සිය මතය සමාජ ජාල ඔස්සේ සමාජ ගත කිරීමට දැඩි ලෙස වෙහෙස වෙමින් සිටින අතර ඒ සඳහා සමාජ මාධ්‍ය ජාලවල ප්‍රතිචාර එතරම් යහපත්ව නොමැත.

එක සිත නැති සජිත් 18 වංගුව වාගෙයි !

මේ අතර, මීට පෙර සන්ධාන පක්ෂ නායකයන්ගේ රැස්වීමට සහභාගී වූ සජිත් ප්‍රේමදාස මහතා එහිදී සන්ධාන ලේකම් ධූරය ඇතුළු කාරණා වලට විරුද්ධ නොවී එකඟ වී සිට පසුව ඊයේ (01) කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී ඊට විරෝධය දැක්වීම සම්බන්ධයෙන්ද විවේචන එල්ලවී තිබේ.

පෙර පැවැති පක්ෂ නායක රැස්වීමට එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් අග්‍රාමාත්‍ය රනිල්, සජිත් ප්‍රේමදාස, කබීර් හෂීම්, මලික් සමරවික්‍රම, රවි කරුණානායක, නවින් දිසානායක සහ අකිල විරාජ් කාරියවසම් යන අය සහභාගී වූ අතර අනෙකුත් පක්ෂ නායකයන් ලෙස රාජිත, හකීම්, රිෂාඩ්, මනෝ ගනේෂන්, දිගම්බරම්, ජයම්පතී ආදීහු සහභාගී වූහ.

එහිදී සන්ධාන නායකත්වය එක්සත් ජාතික පක්ෂයට ලබා දීමටත් එකී නායකත්වයට නිෂේධ බලයක් ලබා දීමටත් සන්ධාන ලේකම් ධූරය සන්ධානයේ වෙනත් පක්ෂයකට ලබා දීමටත් තීරණය කෙරිණ.

එහිදී සජිත් ප්‍රේමදාස, මලික් සමරවික්‍රම, කබීර් හෂීම් වැන්නෝ ඊට කිසිදු විරෝධයක් නොදක්වා එකඟ වී තිබේ.

සන්ධාන ව්‍යවස්ථාවක් කෙටුම්පත් කර ඇත්තේ ඉන් පසුවය.

එදින පක්ෂ නායක රැස්වීමේ දී වමේ විකල්ප කණ්ඩායම නියෝජනය කළ ජයම්පති වික්‍රමරත්න පවසා ඇත්තේ සන්ධානයට ශ්‍රීලනිපයෙන් කැඩී එන පිරිස ගිවිසුම් ගත වීමෙන් පසුව තම කණ්ඩායම ගිවිසුමට අත්සන් කරන නමුත් ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීම ආදී අනෙක් සියළු කටයුතු වලට තම කණ්ඩායමේ සහාය දෙන බවයි.

ඒ අනුව සන්ධානයට අත්සන් තැබීම ලබන 5 වැනිදාට යොදාගෙන ඇති අතර අතර ඊට පෙර යෝජිත ගිවිසුමට එජාප යේ නිල අනුමැතිව ලබා ගැනීම සඳහා ඊයේ එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්විය.

සජිත්ට හිටියේ 8 ‌දෙනයි..

පක්ෂ නායක රැස්වීමේ දී එකඟ වී ඊයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දී සජිත් ප්‍රේමදාස සහ පිරිසක් ලේකම් ධූරය තමන්ට ඉල්ලමින් විරුද්ධ වූහ.

මෙහිදී ඡන්ද විමසීමක් කළ අතර සජිත්වාදීන් සිටියේ 8 දෙනෙකු පමණක් වූ අතර 35 දෙනෙකුම සජිත්ට විරුද්ධ වූහ.

මීට පෙර අවස්ථාවල මෙන්ම අවසන් මොහොතේ සජිත් ඡන්දය දීමෙන් වැළැකී සිටියේය.

එසේ වී නමුත් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ තීරණය කෙළේ බෙදුනු තීන්දුවක් නොගෙන සජිත් පාර්ශවයේ යෝජනාද සැලකිල්ලට ගෙන යලි සංශෝධනයක් කර පසුව ඒකමතික තීන්දුවක් ගත යුතු බවයි.

ඒ අනුව ඊයේ සන්ධාන ගිවිසුම ගැන තීන්දුවකට නොපැමිණි අතර 5 වෙනිදාට පෙර තීන්දුවක් ගැනීමට එකඟ විය.

කෙසේවුවද, නියමිත පරිදි 5 වැනිදා සන්ධාන ගිවිසුමට අත්සන් තැබීම සිදු කිරීමට නියමිතය.

No comments:

Ad
Powered by Blogger.