Ad

සජිත්ගේ ජරා වැඩක් ගැන සොයිසාගෙන් හෙළිදරව්වක්!

   
ජනාධිපතිවරණය පැවැත්වෙන දින වකවානු කරළියට ඇවිත් ඇති මේ මොහොතේ නිවාස සංවර්ධන අධිකාරියට අයත් මුදල් වැයකර සජිත් එජාපයේ ජනාධිපති අපේක්‍ෂකයා බවට පොස්ටර් මුද්‍රණය කරමින් රජයේ මුදල් අවභාවිතා කරන බව දැනගන්නට ඇතැයි රත්නපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ටි. රංජිත් සොයිසා මහතා පවසයි.

ඇඹිලිපිටියේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව  පැවසුවේය.

එහිදී අදහස් දැක්වූ  සොයිසා  මහතා,

‘‘දැන් එක්සත් ජාතික පක්‍ෂය ඔවුන්ගේ ජනාධිපති අපේක්‍ෂකයා සම්බන්‍ධයෙන් ගැටුමකට ඇවිත්. පක්‍ෂයේ ප‍්‍රබලයන් පවා පිල් බෙදිලා. සජිත් පිළ එකක්. රනිල් පිළ අනික. කබීර් හෂීම් සජිත් පිළට ආවඩනවා. රවි කරුණානායක රනිල් පිලට ආවඩනවා. පසුපෙළ මන්ත‍්‍රීවරුත් විවිධ අදහස් දක්වනවා. මේ දවස්වල විද්‍යුත්  සහ මුද්‍රිත මාධ්‍යවලින් අහන්න කියවන්න තියෙන්නේ යූඇන්පී එකේ මේ අවුල.

මේ ජනාධිපතිවරණ අපේක්‍ෂකත්වය හේතුවෙන් යූඇන්පිය නියෝජනය කරන  පාර්ලිමේන්තුවේ ඉහළම පුටුවක් දරණ කෙනෙක් ඉන් ඉවත්වෙලා පහළ සභානායක පුටුවේ ඉන්න කෙනෙකුට ඒ පුටුව දෙන්න සූදානමක් ඇති බව දැන ගන්නට තියනවා. ඒ නිසා යූඇන්පියේ මේ බල අරගලය නිසා රට අර්බූදයකට ගිහින්  තියනවා.

මේ අතර 2005 ඉදලා 2015 වනතුරු පැවති මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුවේ සියලූ වරප‍්‍රසාද අරගෙන 2014 යූඇන්පියට ගිය සමහරු දැන් කියනවා ඉදිරියේ යූඇන්පී එකෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන්නේ යූඇන්පියේ කෙනෙක් නොවන බව. එක්සත් ජාතික පක්‍ෂයට ගිහින්  බලය ඇල්ලූ නැව් ගිල්ල තාත්තයි පුතයි දැන් ඒ පක්‍ෂය ඇතුළෙත් අර්බුද ඇති කරනවා. එක්සත් ජාතික පාක්‍ෂිකයින් පක්‍ෂය තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය නෑ කියලා පාරට බහිනවා.

ඒ නිසා මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් යුතු ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන අපි එක්සත් ජාතික පාක්‍ෂිකයන්ගෙන් සහ රටේ සියලූ පුරවැසියන්ගෙන් අහන්නේ පක්‍ෂය තුළ  ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් ඇති නොකර රටක ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කරන්න යූඇන්පියට පුළුවන්ද කියලායි.

අද එක්සත් ජාතික පක්‍ෂය ඒකාධිපති පාලනයකට යටත් වෙලා කෘත්‍යාධිකාරී මණ්ඩලය ශරීර කෘත්‍යාධිකාරී මණ්ඩලයක් බවට පත්වෙලා. නායකයින් දෙකට බෙදිලා. පාක්‍ෂිකයන් අතරමං වෙලා. මේ ජනාධිපතිවරණය එක්සත් ජාතික පක්‍ෂය දෙකට බෙදන මැතිවරණයක් බවට කිසිම සැකයක් නෑ.’ යැයිද  පැවසිය.

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.