ටර්මිනේටර් පැහැදිලියි: මාධ්‍ය වෙතින් සමාව ගැනීම ප්‍රතික්ෂේප කරයි.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ තරුණ සම්මේලනයේදී මාධ්‍යවේදීන්ට සිදුවූ අපහසුතාවය ගැන සමාව ඉල්ලා සිටිය යුතු බවට පොදුජන පෙරමුණ නියෝජනය කරන එක්බද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් නන්දසේන රාජපක්ෂ වෙත යෝජනා කර ඇතත් ඔහු ඊට කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බව වාර්තා වෙයි.

එහිදී මන්ත්‍රීවරුන් යෝජනා කර ඇත්තේ සිදුවූ අපහසුතාව සම්බන්ධව කණගාටුව ප්‍රකාශ කිරීම හරහා නන්දසේන රාජපක්ෂ සහ මාධ්‍ය අතර ඇති කළු චිත්‍රය වෙනස් කිරීමට අවස්ථාව ලබාගත හැකි බවය.

කෙසේ වුවත් නන්දසේන රාජපක්ෂ ඊට යහපත් ප්‍රතිචාරයක් නොදැක්වීම හේතුවෙන් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් කිහිපදෙනකු මාධ්‍යවේදීන් වෙතින් සමාව ගැනීමට තීරණය කර ඇත.

කිසිදු නිදහසට කරුණු දැක්වීමක් නොකර මාධ්‍යවේදීන්ගෙන් පක්‍ෂයක් ලෙස සමාව ඉල්ලා සිටින බව පවසමින් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ පොදුජන පෙරමුණ පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් සදහන් කර ඇත්තේ ඒ අනූවය.

ඉදිරියේදී පැවැත්වෙන සියළු පොදු කටයුතුවලදී මාධ්‍ය සම්බන්ධීකරණ ගැන වැඩි අවධානයක් යොමු කරන බවද ඔහු සදහන් කලේය.

මෙම සිදුවීම ගැන පොදුජන පෙරමුණේ මාධ්‍ය අංශය විසින්ද නිවේදනයක් නිකුත් කරමින් සමාව ඉල්ලා ඇත.

ටර්මිනේටර් පැහැදිලියි !

කෙසේ වුවත් සමාජ මාධ්‍ය ජාල තුළ මෙන්ම දේශපාලන විචාරකයන් මේ සම්බන්ධව දැඩි අවධානයක් යොමුකර තිබේ. ඔවුන් පෙන්වා දෙන ආකාරයට බැසිල් රාජපක්ෂ විසින් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ලෙස හිටපු තම සහෝදරයා වූ නන්දසේන රාජපක්ෂ ව ටර්මිනේටර් ලෙස හැඳින්වීම ඉතා නිවැරැදි බවය.

හදිසි කෝපය සහ පාලනය කරගත නොහැකි ආවේග තවමත් නන්දසේන රාජපක්ෂ වෙතින් ප්‍රකාශ වන බවත් එබැවින් ජනාධිපති අපේක්ෂකයා වූ නන්දසේන සහ ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් වූ නන්දසේන අතර වෙනසක් නොමැති බවත් ඔවුන් පෙන්වා දෙයි.

එවැනි අයෙකු රටේ පාලනය බාරදීමට තරම් ජනතාව මුග්ධ නම් එහි ප්‍රතිඵල ලැබීමට ඔවුන් සූදානම් විය යුතු බවටත් දේශපාලන විචාරකයන් අනතුරු හඟවයි.

මාධ්‍ය වාරණය ඡන්ද දායකයාට කළ බාධාවක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ සමුලුව ආවරණය කිරීමේ අවස්ථාවට සහභාගී වූ මාධ්‍යවේදීන් පිරිසකට එල්ල වූ බාධා කිරීම ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතියට සිදු කරන බාධාවක් බව මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතා කියයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තමන්ගේ ජනාධිපති අපේක්ෂකයා සහභාගිවන යම් සමුළුවක් ආවරණය කිරීමට පැමිණි මාධ්‍යවේදීන්ට තර්ජනයක් කරනවා නම් හෝ ඔවුන්ට සෘජුව වාර්තා කිරීමෙන් තොරව වෙනත් මූලශ්‍රහරහා තොරතුරු ගන්න යැයි බල කරන්නේ නම් එය අදාළ අපේක්ෂකයන් ඉදිරියේදී ක්‍රියාකරන ආකාරය පිළිබඳ ඉගියක් යැයිද ඔහු කියා සිටී.

එබැවින් සියලු පක්ෂවලින් ඉල්ලීමක් කරන බවත්, මෙවැනි අවස්ථා මාධ්‍යට සෘජුව වාර්තා කිරීමට අවස්ථාව ලබාදෙන ලෙසත්, එය ඡන්ද දායකයන්ට තොරතුරු දැනගැනීමට ඇති අයිතියට බාධා නොකිරීමක් බවත් යැයි ඔහු කියා සිටියේය.

ඇපකරුවෝ

මේ අතර, පොහොට්ටු පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය 24 වැනිදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුවේ ) තරුණ සමුළුව අමතමින් අදහස් දක්වන අවස්ථාවේදී වේදිකාවේ සිටි දෙදෙනෙකු සම්බන්ධයෙන් මේවනවිට සමාජ මාධ්‍ය ඔස්සේ පුළුල් කතිකාවක් මතුව තිබේ.

ගෝඨාභය රාජපක්ෂ වේදිකාවේ සිට සිය අදහස් ඉදිරිපත් කිරීම සමාජ මාධ්‍ය හරහා සජීවී ලෙස විකාශය වෙමින් තිබියදී, එම වේදිකාවේ සිටින පුද්ගලයින් දෙදෙනෙකු සම්බන්ධයෙන් 'කලම්බු ටෙලිග්‍රාෆ්' කර්තෘ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය සිය ෆේස්බුක් පිටුවේ මෙසේ සටහනක් පළකර තිබිණ.

''ඇප පිට ඉන්න දෙන්නෙක් ස්ටේජ් එකේ - ගැහැණු ලමය හා අපේක්‍ෂකය, මනි ලොන්ඩරින් කේස් එක ඇරුනම ගැහැණු ලමය ශ්‍රී ලන්න්කන් එකෙනුත් පඩි අරං, ජනාධිපති ලේකම් කාර්යාලයෙනුත් පඩි අරං, කොමිසම අහපුවහම වැඩ කරපු තැනවත් කියා ගන්න බැරි උනා. දෙකෙන්ම පඩි දීල නාමල් ගෙ වැඩට නිදහස් කරල. ආ මයික් කඩපු විනයක් ඇති මන්ත්‍රීතුමත් ඉන්නව. තරුණ අයට මග පෙන්නවන වැඩ සටහනක්, රට හදන හැටි කියන්නෙ ‘’

No comments:

Ad
Powered by Blogger.