ගෝඨාගේ ආණ්ඩුවේ අගමැතිකම ‌මෛත්‍රිට:මහින්දගෙන් ‌මෛත්‍රිට සහතිකයක්!


ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු මහමැතිවරණය පවත්වන ‌තෙක් පිහිටුවිය යුතු අන්තර්කාලීන රජයේ අගමැති ධුරය ජනාධිපති ‌මෛත්‍රිපාල සිරිසේන මහතා ‌වෙත ලබා දිය හැකි බවට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ‌ජනාධිපතිවරයාට දැනුම් දී තිබේ.

විපක්ෂනායකවරයා හා ජනාධිපතිවරයා අතර ‌පෙරේදා (27) රාත්‍රියේ පැවැත්වී ඇති අතිශය රහසිගත හමුවකදී ‌මෙම ‌යෝජනාව මහින්ද රාජපක්ෂ මහතා විසින් සිදු කරනු ලැබ ඇත.

මීට අමතරව මහමැතිවරණයෙන් පසුව පිහිටුවන ආණ්ඩුවක අවශ්‍ය කරන ඇමැති තනතුරු පිළිබදව ‌යෝජනාවලියක් සකස් ‌කොට තමන්ට ලබා‌ ‌දෙන ‌ලෙසත්, කිසිදු විරෝධයක් පළ ‌‌නොකොට ඒ සියල්ලටම එකගතාවය පළ කිරීමට තමන් සූදානම් බවත් මහින්ද රාජපක්ෂ මහතා ‌‍‍‍‍මෙහිදී සදහන් කර තිබේ.

ඉදිරියේදී ‌ගෝඨාභය රාජපක්ෂ මහතා හා ජනාධිපතිවරයා එක්ව විශේෂ සාකච්ජාවක් පවත්වා ‌මේ සම්බන්ධයෙන් අවසන් තීන්දුවකට පැමිණිය හැකි බවද මහින්ද රාජපක්ෂ මහතා ‌මෙහිදී ජනාධිපතිවරයාට දැනුම් දී ඇති බව වාර්තා ‌වේ.

මහින්ද රාජපක්ෂ මහතා‌ෙගේ ‌මෙම ‌යෝජනාවෙන් ජනාධිපතිවරයා දැඩි ප්‍රීතියට පත්ව ඇති බවක් දැනගන්නට ඇත.

මහින්ද රාජපක්ෂ මහතා‌ෙගේ ‌මෙම සහතිකය ලැබීමත් සමග ජනාධිපතිවරයා එජාපයේ සජිත් ‌ප්‍රේමදාස මහතාට ලබා දුන් සහයෝගය ඉවත් කර ගැනීමට තීන්දු කර ඇති බව වාර්තා ‌වේ.

ඒ අනුව වහාම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර මහතා කැදවා ඇති ජනාධිපතිවරයා සජිත්ට එජාප අපේක්ෂකත්වය ‌නොලැබෙන බව දැනුම් දී ඇති බවත්, ‌‌පොහොට්ටුව සමග සන්ධාන ගතවීමේ වැඩපිළිවෙළ ඉක්මන් කරන ‌ලෙසත් දැනුම් දී ඇති බවද දැනන්නට ඇත.

[මව්රට]

No comments:

Ad
Powered by Blogger.