ගෝඨාගේ රහස් හමුව, මහින්දට අතේ මාට්ටු: සාගල - කබීර් පොහොට්ටුවට?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීමට සූදානමින් සිටින ගෝඨාභය රාජපක්ෂ මහතාව හමුවී රහස් සාකච්ඡා පැවැත්වීම සඳහා එකිනෙකාට හොරෙන් පැමිණි සාගල රත්නායක සහ කබීර් හෂීම් යන අමාත්‍යවරුන් දෙදෙනාම මහින්ද රාජපක්ෂ මහතාගේ අතටම හසුවී ඇති අතර එය හාස්‍යජනක සිදුවීමක් වී තිබේ. 

තමන්ගේ සහෝදරයා හමුවීමට වෙලාවක් කලාවක් නොමැති බැවින් මහින්ද රාජපක්ෂ මහතා පෙරේදා (04) දිනයේදී පූර්ව දැනුම් දීමකින් තොරවම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවසට ගොස් ඇත. ඒ වනවිට ගෝඨාභය රාජපක්ෂ මහතා රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා වන සාගල රත්නායක මහතාව හමුවීමට වේලාව වෙන්කරගෙන සිටියත් මහින්ද රාජපක්ෂ මහතාට නිවසින් පිටව යන්නැයි කියන්නට නොහැකි නිසා ඔහුව නිවසේ ඇතුළු කාමරයක අසුන්ගෙන සිටීමට සලස්වා තිබේ. 

ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතා නිවසේ සිටියදීම සාගල රත්නායක මහතා පැමිණ ගෝඨා සමඟ රහස් සාකච්ඡාවක් පවත්වා ඇත. ඔහු පිටව යන්නට සූදානම් වන මොහොතේම එතැනට පැමිණ ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ සජිත් පාර්ශ්වය නියෝජනය කරන කබීර් හෂීම් මහතාය. ඔහුත් පැමිණ තිබුණේ ගෝඨා සමඟ රහස් සාකච්ඡාවකටය. 

නිවස තුළ සිට මේ සියල්ල පිළිබඳ අවධානයෙන් පසුවූ මහින්ද රාජපක්ෂ මහතා සිය සුපුරුදු උත්ප්‍රාසයෙන් යුතුව "තව ටිකක් වෙලා හිටියොත් මෙතෙන්ට සජිතුත් එයිද දන්නෙ නෑ, මං යනවා යන්න" කියා පිටව ගොස් ඇත. 

යන අතරමඟ දී මහින්ද රාජපක්ෂ මහතා හිනැහෙමින් සිය ආරක්ෂක නිලධාරියාට පවසා තිබුණේ "මුං මෙතන සිරිකොතේ රැස්වීමක්වත් තියන්න හිටියද මංදා. එනවා එනවා ඉවරයක් නෑනෙ" යනුවෙනි. 

කබීර් හෝ සාගල මෙම කතාව ප්‍රතික්ෂේප කරන්නේ නම් සත්‍ය තත්වය මහින්ද රාජපක්ෂ මහතාගෙන්ම තහවුරු කරගැනීමට ඔවුන්ට පුළුවන. 

එජාපයෙන් “පොහොට්ටුවට” කට්ටියක්!

මේ අතර එළඹෙන අගෝස්තු 11 වැනිදා පැවැත්වෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ සමුළුවේදී එක්සත් ජාතික පක්ෂය (එජාප) ඇතුළු ප්‍රමුඛ දේශපාලන පක්ෂවල ජ්‍යෙෂ්ඨ දේශපාලඥයින් කිහිප දෙනෙකු එම පෙරමුණට එක්වන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා කියයි.

කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක මහතා බැලීමට පැමිණි අවස්ථාවේදී ඒ මහතා මේ බව කියා සිටියේය.

එජාපය තුළ භේද ඇති කිරීමෙන් වාසි ලබා නොගැනීමට නොකී බවද ඔහු එහිදී කීය.

මෙරට දේශපාලනය සමීපව නිරීක්ෂණය කළ විට අනෙක් මැතිවරණවලට පෙර ජනාධිපතිවරණයක් පැවැත්වෙන බව පැහැදිලි යැයිද කී හෙතෙම එළඹෙන ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු තෝරා ගැනීමට එක්සත් ජාතික පක්ෂය අරගල කරන බව විවෘත රහසක් බවද පැවසීය.

No comments:

Ad
Powered by Blogger.