කුමන්ත්‍රණකරුවන් පරාදයි: එජාපය ප්‍රමුඛ පුළුල් සන්ධානයට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය.


ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පුළුල් සන්ධානයක් ගොඩනැගීමට අද පැවති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී අනුමැතිය හිමි වුණා.

මෙම සන්ධානය ගොඩනැගීම ලබන 5 වනදා සිදුවනවා. මෙම සන්ධානයට අදාළ ව්‍යවස්ථා කෙටුම්පත අද පැවති කෘත්‍යාධිකාරී මන්ඩලයට ඉදිරිපත් කෙරුණා.

මෙම යෝජනාවට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකයින් 35 දෙනෙකු කැමැත්ත ප්‍රකාශ කර ඇති අතර 8 දෙනෙකු විරුද්ධත්වය ප්‍රකාශ කර තිබේ. කිහිප දෙනෙක් අදහස් දැක්වීමෙන් වැළැකි නිහඬව සිට ඇත.

එයට සංශෝධන අවශ්‍ය කෙරෙන්නේ නම් එක්සත් ජාතික පක්ෂ සභාපති කබීර් හෂීම් මහතාට භාර දෙන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දී තිබෙනවා.

සංධානයේ නායකත්ව මණ්ඩලය තුල එජාප නියෝජිතයින් 11 දෙනෙකු සදහා අවස්ථාව පවතින බැවින් සංධානය බිහිවූ පසුව එම නියෝජිතයින් එකොළොස් දෙනා හරහා එම යෝජනාව ඉදිරිපත් කරන ලෙස අග්‍රාමාත්‍යවරයා ඔවුන්ට ප්‍රකාශ කර ඇත.

අජිත්ට සහ සුජීවට අගමැතිගෙන් අවවාද

මෙම සාකච්ජාවේදී ආවේගශීලිව අදහස් පළ කල අජිත් පී පෙරේරා මහතාට සහ සුජීව සේනසිංහ මහතාට අග්‍රාමාත්‍යවරයා දැඩි ස්වරයෙන් අවවාද කර ඇත.

ජන්ද නොදිනන එජාපය.


එක්සත් ජාතික පක්ෂය 1980දශකයෙන් පසුව අලියා ලකුණෙන් තනිව ඉදිරිපත් වී කිසිදු මැතිවරණයක් ජයග්‍රහණය කර නොමැති බවත් සුලු පක්ෂ වල සහාය සහිතව පොදු සංධානයක් නිර්මාණය කිරීමෙන් මිස ඉදිරියේදීද කිසිදු මැතිවරණයක් ජයග්‍රහණය කල නොහැකි බව අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ එජාප ජ්‍යෙෂ්ඨ දේශපාලකයින්ගේ මතය බවයි වාර්තා වන්නේ.

No comments:

Ad
Powered by Blogger.