සිරිසේන - මහින්ද රහස් එකඟත්වය නිසා, සජිත්ගෙන් සිරිසේනට හීන් මඩක්?

  
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව බිහිකරන නව සන්ධානයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා බොහෝ දුරට ගෝඨාභය රාජපක්ෂ වනු ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක පවසයි.

ශ්‍රීලනිපයේත් එකඟතාව ගෝඨාභය රාජපක්ෂට හිමිවනු ඇත්දැයි මාධ්‍ය කළ විමසීමකදී එස්බී මන්ත්‍රීවරයා පැවසුවේ කවර තත්වයක් යටතේ වුවත් ශ්‍රීලනිපය සහ ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කරන්නේ එකම අපේක්ෂකයකු පමණක් බවයි.

ඒ අනුව, ජනාධිපති සිරිසේන සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ එකිනෙකා හමුවී සාකච්ඡා කර ඇති බැවින් අගෝස්තු 11 වනදාට නිසැක වශයෙන්ම අපේක්ෂයා එළිදක්වනු ඇති බවත් මන්ත්‍රීවරයා පවසා සිටියි.

සිරිසේන - මහින්ද එකඟතා රහසක් - දයාසිරි

මේ අතර ජනාධිපති සිරිසේන සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ අතර (05) රාත්‍රියේ පැවැත්වුණු විශේෂ සාකච්ඡාවේ එකඟතා පිළිබඳව තමන් දන්නා නමුත් ජනාධිපතිවරයාගේ අවසරයකින් තොරව කිසිවක් මාධ්‍ය වෙත ප්‍රකාශ කිරීමට තමන්ට හැකියාවක් නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර පවසයි.

ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා පිළිබඳව මෙන්ම ශ්‍රීලනිපයේ සහ පොහොට්ටුවේ ඉදිරි දේශපාලන ක්‍රියකාරීත්වය පිළිබඳව ද ඔවුන් දෙදෙනා සාකච්ඡාව මත තීන්දු ගැනෙනු ඇති බවත් මන්ත්‍රීවරයා සදහන් කළේය.

සජිත් ආවොත් 10 ට නිදාගන්නෙ නැතිලු

සිරිසේන - මහින්ද රහස් එකඟත්වය පිළිබඳව උරණ වී සිටින අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ජනතාව විසින් තමා මේ රටේ නායකයා ලෙස තෝරා ගතහොත් තම පියා මෙන්ම පාන්දර 04 සිට මධ්‍යම රාත්‍රී 12 වනතෙක් ජනතාවට සේවය කරන බව පවසයි.

ඇතැම් රාජ්‍ය නිළධාරීන් පාන්දර 04 ට වැඩ පටන් ගැනීමට අකමැති නිසා තමන් බලයට එනවාට විරුද්ධ බවයි ඔහු කඩවත ප්‍රදේශයේ පැවති රැස්වීමක් අමතමින් ප්‍රකාශ කළේය.

තම පියා ආගමට දහමට සිදුකළ සේවය අභිබවා යන සේවයක් සිදු කිරීමට තමාගේ එකම අපේක්ෂාව බවත් ඒ සඳහා රටේ ජනතාව තමාට බලය ලබාදෙනු ඇතැයි බලාපොරොත්තු වන බවත් ඔහු පවසයි.

පසුගිය වසර 04 ක කාලය තුළ සංස්කෘතික අමාත්‍යවරයා ලෙස කටයුතු කළේ නම් මේ වනවිටත් සියලු ආගමික ස්ථාන ගොඩනගා අවසන් කිරීමට හැකියාව තිබූ බවත්, ඒ අනුව තවත් වසර 05 ක් යනවිට එම අරමුණ ඉෂ්ට කර ගැනීමට හැකිවනු ඇති බවත් ඔහු වැඩිදුරටත් පවසයි.

සජිත්ගේ පියා පාන්දර 04 සිට නිළධාරීන්ගෙන් වැඩ ගත්තේ කෙසේද යන්න රටේ බහුතරයකට තවමත් අමතක වී නොමැත. සජිත් එන්නේ තම පියා නතර කළ තැනින් පටන් ගැනීමට නම්, සජිත්ගේ පියා නතර කළ තැන පිළිබඳව යාන්තමට හෝ සිහියේ තිබෙන අයෙක් නම් සජිත්ගේ පරාජය ප්‍රාර්ථනා කරනවා නිසැකය.

No comments:

Ad
Powered by Blogger.