පාඨලීට එරෙහිව කුණු මෙහෙයුමක්!


මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ප්‍රධාන චූදිතයා බවට පත්කරමින් කොළඹ නගරයේ කසළ බැහැර කිරීමේ ක්‍රියාවලිය අඩපණ කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් පවතින බවට තොරතුරු අනාවරණය වී තිබේ.

මීතොටමුල්ල කසළ කන්ද නායයාමෙන් සිදුවූ ඛේදවාචකයෙන් පසුව කසළ බැහැර කිරීමට කොළඹ මහනගර සභාවට ස්ථානයක් නොමැති බවට මධ්‍යම රජයට දැනුම් දීම නිසා කෙරවලපිටිය ප්‍රදේශයේ ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් ඉඩමක් වසරක කාලයක් සදහා ලබාදීමට මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය කටයුතු කර ඇත. මේ වනවිට එම ඉඩමට බැහැරකල හැකි සම්පූර්ණ කසළ ධාරිතාවය සම්පූර්ණ වී ඇති බැවින් අමාත්‍යංශය විසින් කසළ භාර ගැනීම නතර කිරීමට කටයුතු කර තිබේ. මෙම හේතුව නිසා කොළඹ නගරයේ කසළ එකතුකිරීම සහ බැහැර කිරීම බරපතළ අර්බුදයක් බවට පත්ව ඇත.

කොළඹ නගරයේ හෝ වෙනත් කිසිදු ප්‍රදේශයක කසළ එකතු කිරීම හෝ බැහැර කිරීම මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයේ විශය පථයට අයත් නොවේ. එය අදාළ පළාත් පාලන ආයතනයේ වගකීමක් වන අතර කොළඹ නගරයේ කුණු සම්බන්ධයෙන් වගකීම අයත් වනුයේ නගරාධිපතිනී රෝසි සේනානායක ප්‍රමුඛ කොළඹ මහනගර සභාවටයි.

මීතොටමුල්ල ඛේදවාචකය සදහා විසදුම් සෙවීමට පළාත් පාලන ආයතන සහ අනෙකුත් ඊට සම්බන්ධ ආයතන අපොහොසත් වී මේ ප්‍රතිපලයක් ලෙස අරුවක්කාලු කසළ රදවනයේ ව්‍යාපෘතිය ඒ පිළිබඳව අත්දැකීම් සහිත පාඨලී චම්පික රණවක මහතාගේ අමාත්‍යංශයට පැවරීමට කැබිනට් මණ්ඩලය තීරණය කල අතර එම වගකීම ඉටු කරමින් ව්‍යාපෘතිය සාර්ථකව අවසන් කර රජයට භාරදී තිබේ.

මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය විසින් මාස කිහිපයක් පුරා කොළඹ මහනගර සභාවට දෛනිකව කොළඹ එකතුවන කසළ බැහැර කිරීම සදහා අරුවක්කාලු කසළ රඳවනයේ පළමු අදියර හෝ වෙනත් විකල්ප ඉඩමක් සොයා ගන්නා ලෙස දැනුම් දුන්නද කොළඹ මහනගර සභාව විසින් එම ඉල්ලීම පිළිබඳව නිසි අවධානයක් යොමු නොකිරීම නිසා මෙම අර්බුදය හටගෙන තිබේ.


අමාත්‍ය පාඨලී චම්පික රණවක ඊයේ(07) පාර්ලිමේන්තුව අමතමින් මෙම ගැටලුව සම්බන්ධයෙන් කල පැහැදිලි කිරීම



කොළඹ නගරයේ කසළ බැහැර කිරීමේ ක්‍රියාදාමය අක්‍රීය කර මහමඟ කසළ කදු නිර්මානය කොට එහි වගකීම පාඨලී චම්පික රණවක මහතාට පැවරීම සදහා දේශපාලනික කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් පවතින බව පසුගිය සතියේ නිකුත් වූ “සතිඅග කොළඹ” පුවත්පතේ මංගල කලාපයේ උප ප්‍රධාන සිරස්තලයක් වශයෙන් වාර්තා කර තිබූ අතර එහි දක්වා තිබූ පරිදිම මේ වනවිට එම කුමන්ත්‍රණය ක්‍රියාත්මක වෙමින් පවතී.

[News Hub]

No comments:

Ad
Powered by Blogger.