"ඩීල්කරුවන් පක්ෂයෙන් සමාව ගත යුතුයි"


එක්සත් ජාතික පක්ෂයේ සජිත් පාර්ශ්වය නියෝජනය කරන, පක්ෂ සභාපති කබීර් හෂීම් මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පසුගිය 04 වනදා වෙන් වෙන්ව රහසින් ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා පවත්වා ඇති බව අපි "රහසේ ගෝඨා හමුවෙන්න ගිය සාගල සහ කබීර් මහින්දට අතේ මාට්ටු !" මැයෙන් යුත් පුවතින් අනාවරණය කළෙමු. 

එම පුවත සනාථ කරමින් ඊයේ (07) දිනයේ මාධ්‍ය හමුවක් පැවැත්වූ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසුවේ එවන් රහස් සාකච්ඡා පැවැත්වී ඇති බවත් ඒ පිළිබඳව අදාළ අමාත්‍යවරුන් දෙදෙනා පාක්ෂිකයින්ගෙ සමාව ගත යුතු බවත්ය. 

"අපි අවුරුදු ගණනාවකින් පස්සෙ එක්සත් ජාතික පක්ෂ ජනාධිපතිවරයෙක් මේ රටේ බිහිකිරීම සඳහා ඇප කැප වෙලා ලෑස්ති වෙලා ඉන්නවා. ඒ වගේ මොහොතක එජාපයේ ප්‍රබල ඇමතිවරුන් දෙන්නෙක් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ගෙදරට ගොස් ඔහුව හමුවෙලා තියෙනව. මේ අමාත්‍යවරු තමන් බලයේ ඉන්නකොට රාජපක්ෂවරුන්ව රකින්නත් රාජපක්ෂවරු බලයට ආයෙමත් ආවොත් තමන්ගෙ රැකවරණය තහවුරු කරගන්නත් යනවා නම් අපේ ගමේ ඉන්න එජාප පාක්ෂිකයා මානසිකව බිඳවැටිලා, කළකිරිලා එජාපයට විතරක් නෙවෙයි රටටම විශාල අභාග්‍යයක් සිද්ධ වෙනවා. 

මේ ඇමතිවරුන් දෙන්නගෙන් එක්කෙනෙක් අපේ පක්ෂයේ සභාපතිතුමා. අනික් එක්කෙනා කාර්ය මණ්ඩල ප්‍රධානී, හිටපු නීතිය හා සාමය ඇමතිතුමා. 

ඉතිං ඒ හින්දා අපි මේ අවස්ථාවෙදි කියනවා රෑ දනියෙල් දවල් මිගෙල් වගේ විවිධ ඩීල් තියාගන්න එපා. මේ ඇමතිවරු අපේ පාක්ෂිකයන්ගෙන් සමාව අරගෙන මීට පස්සෙ හරි ජනාධිපතිවරණ ව්‍යාපාරයකට අවතීර්ණ වෙන්න ඕනෙ" යනුවෙනුයි නිරෝෂන් පෙරේරා මහතා සඳහන් කළේ. 

No comments:

Ad
Powered by Blogger.