චීන ජනමාධ්‍යවේදීන් ශ්‍රී ලංකාවේ සුන්දරත්වය අගයයි.


ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය සහ වන්වර්ල්ඩ් සන්ධානයේ සාඩම්බර සාමාජිකයෙකු වන ශ්‍රීලංකන් ගුවන් සේවය චීනයේ ප්‍රමුඛ මුද්‍රිත මාධ්‍යවේදීන් කණ්ඩායමක් සඳහා විශේෂ චාරිකාවක් පසුගියදා සංවිධානය කළේය.

චීනය,ශ්‍රී ලංකාවට සංචාරකයින් පැමිණෙන රටවල් අතරින් ප්‍රමුඛස්ථානයක් ගනී.පාස්කු  සිදුවීමෙන් පසුව, චීන සංචාරකයින්  වැඩි වශයෙන් පැමිණෙන ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව තවදුරටත් තබා ගැනීමටශ්‍රීලංකන් ගුවන් සමාගම බොහෝ පියවර ගෙන තිබේ.

මෙම සංචාරක මාධ්‍යවේදී කණ්ඩායම  සංස්කෘතික වැදගත්කමකින් යුත් ස්ථාන වන ඵෙතිහාසික රංගිරි දඹුලු විහාරය, මහනුවර ශ්‍රී දළදා මාලිගාව, ගාල්ල ලන්දේසි බලකොටුව සහ සීගිරිය වැනි UNESCO ලෝක උරුම ස්ථාන නැරඹූහ.

එසේම මෙම සංචාරයට පින්නවල අලි අනාථාගාරය, මින්නේරිය ජාතික වනෝද්‍යානය, මධ්‍යම කඳුකරයේ සශ්‍රීක තේ වතු සහ කොළඹ නගරයේ සංචාරයක් ද ඇතුළත් විය.ශ්‍රී ලංකාවේ සුන්දරත්වය සහ ජනතාවගේ ආගන්තුක සත්කාරය භුක්ති විඳි ඔවුන්ට ශ්‍රී ලංකාව යළි යථා තත්ත්වයට පත්ව ඇති බව සියැසින් දැකගත හැකි විය.

මෙම සංචාරය අතර තුර අදහස් දක්වමින් LUXURYTIMES සඟරාවේ ප්‍රධාන කර්තෘ LuXiufang මහතා  ප්‍රකාශ කළේ සාමය සහ සන්සුන් භාවය ශ්‍රී ලංකාවේ සුවිශේෂී ලක්‍ෂණයක් වන බවයි. “ මෙහි වැඩි කලබලයක් නෑ හරිම නිදහස්. මෙහි ඉතිහාසය හා සොබාදහම විසින් ඉතිරි කර ඇති සියවස් ගණනක් පැරණි පුරාණ විහාරස්ථාන ගොඩක් තියෙනවා. සමහර තේ වතු අක්කර දහස් ගණනක් තියෙනවා සමහර ඒවා හරිත කඳු වලින් වටවෙලා තියෙනවා.ඔබගේ මනස සුව කිරීමට මෙහි පැමිණෙන ලෙස මම සෑම දෙනාටම ආරාධනා කරනවා. මෙහි සිටින ජනයා සාමකාමීව හා නිදහසේ ජීවත් වෙමින් සාමාන්‍ය ජීවිතය ගත කරනවා. ” යැයිද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම ජනමාධ්‍යවේදීන් ශ්‍රී ලංකාව කෙරෙහි ඇති ඔවුන්ගේ ඇල්ම සහ ආදරය ප්‍රකාශ කළ අතර, නිදහසේ විවේකීව කාලය ගත කිරීමට බලාපොරොත්තු වන සංචාරකයින්ට ශ්‍රී ලංකාව කදිම ගමනාන්තයක් බවත් පෙන්වා දෙන ලදී.

මෙම සංචාරක මාධ්‍යවේදීන් චීනයේ ප්‍රමුඛ මුද්‍රිත මාධ්‍ය ආයතන නියෝජනය කළ අතර ව්‍යාපාරික ගමනාන්තයන් සම්බන්ධයෙන් චීනයේ විශාලතම ඉහළ පෙළේ න මාධ්‍ය ක්‍රියාකරුවකු වන BUYtimeMedia හි LUXURYTIMES සඟරාවද  නියෝජනය විය. මිලියන 8 කට අධික දෛනික පරිශීලකයින් සිටින චීනයේ ප්‍රධානතම මූල්‍ය මාධ්‍යය වන Jiemian නිවුස් සහ නැගෙනහිර විශාලතම සංසරණ ප්‍රදේශය ඇති ග්ලෝබල් ටයිම්ස් මාධ්‍ය ආයතන මෙන්ම  මිලියන 10 කට අධික පරිශීලකයන් පිරිසක් සිටින උතුරු හා දකුණුචීනයේ මාධ්‍ය ආයතන නියෝජනය කරමින් මාධ්‍යවේදීන් මෙම සංචාරයට එක්වූහ.

ජාතික ගුවන් සේවය වෙනුවෙන්  මෙම සංචාරයේ භූමි මෙහෙයුම් සහ සැපයුම් කටයුතු ජෙට්වින් ට්‍රැවල්ස් විසින් සිදුකරන ලදී.

No comments:

Ad
Powered by Blogger.