Ad

දයාසිරි හෙළුවෙන්: ගෝඨාට එරෙහිව කැරැල්ලක්!


විජිතමුණි සොයිසා, ෆවුසි, මනුෂ නානායක්කාර, පියසේන ගමගේ ඇතුළු පිරිසක් එක්සත් ජාතික පක්ෂයට එක්ව සිටියදී ඔවුන් සම්බන්ධයෙන් විනය පරීක්ෂණ නොකැඳවන්නේ ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර මේ වන විට එක්සත් ජාතික පක්ෂයට එක් වීම සඳහා සූදානමින් සිටින නිසා දැයි තමන් ප්‍රශ්න කරන බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා පවසයි.

පසුගියදා පැවති පොදුජන පෙරමුණේ සමුළුවට එක් වීම හේතුවෙන් විනය පරීක්ෂණ කරන බවට දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා විසින් කරන ලද ප්‍රකාශයකට ප්‍රතිචාර ලෙස ඔහු මේ බව සඳහන් කළේය.

දයාසිරි ජයසේකර අද සිටින්නේ හෙළුවෙන් යයි මෙරට මිනිසුන් දැනගෙන සිටින බවද ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද සමගින් දැන් කළ යුත්තේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කරමින් සඳහා එක්වීම බවද ඔහු කියා සිටියේය.

මුතුහෙට්ටිගම වැඩ අල්ලයි 

එසේම මේ සැරේ අපේක්ෂකයා වී ඇත්තේ වරෙක ආමිකාරයෙක්, වරෙක ආරක්ෂක ලේකම්වරයෙක් බවත්, ඔහුගේ මහජන සම්බන්ධතාවය සම්බන්ධයන් තමා නොදන්නා බවත්, මැතිවරණවලදීවත් සුහදව කතා නොකළ ඔහු ඉදිරියේදී හමුවීමට හෝ නොහැකි වනු ඇති බවට සැකයක් ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා කියයි.

ගාල්ලේදී මාධ්‍යයට අදහස් දක්වමින් නිශාන්ත මුතුහෙට්ටිගම මහතා මේ බව කියා සිටියේය.

පැවති නිදහස් සන්ධාන රජය සමයේ ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කල ගෝඨාභය රාජපක්ෂ මහතා එවක ආණ්ඩුවේ අමාත්‍යවරුන් සමග සුහදව කටයුතු නොකල බවට පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා චෝදනා කර සිටී.

එවැනි පුද්ගලයෙකු මහජනතාව සමග සුහදව කටයුතු කරන්නේ කෙසේද යන්න ගැටලු සහගත බව ඔහුගේ මතය වී තිබේ.

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.