රනිල් ඉවත් කිරීම: ලැජ්ජාව කැළණි පන්සලටම!

  
කැළණිය පන්සලේ දායක සභාවෙ සභාපතිකම රනිල්ට නැති වෙනව නම්, සමාජ විද්‍යාඥයින්ට හා මානව විද්‍යාඥයින්ට අලුත් සබ්ජෙක්ට් එකක් රිසර්ච් කරන්න සිදුවන බව 'කලම්බෝ ටෙලිග්‍රාෆ්' කර්තෘ උවිඳු කුරුකුලසූරිය සිය FB පිටුවේ පළකර සටහනක දැක්වේ.

කැලණියේ දායක සභාවේන් අගමැති ඉවත්කළ බවට පළවන වාර්තා සම්බන්ධයෙන් එසේ පවසන 'කලම්බෝ ටෙලිග්‍රාෆ්' කතුවරයාගේ එම සටහනේ මෙසේද සඳහන්වේ.

"කැළණිය වැටුන කල්හී ලංකාවම වැටින. කැළණිය නැගී සිටි කල්හි ලංකාවම නැගී සිටියේය"

කැළණිය හා රනිල් වික්‍රමසිංහගෙ පරපුර අතර ඇති සම්බන්ධය කඩා වැටී ඇත. පෘතුගීසීන් 1575දී විනාශ කල කැළණිය පන්සල ප්‍රතිසංස්කරණය කලේ හෙලේනා විජේවර්ධනය. හෙලේනගේ දුව ඇග්නස්ගේ පුතා ජේආර් ඇගේ ලොකු මුණු පුරා විය. හෙලේනාගේ පුතා දොන් රිචර්ඩ් විජේවර්ධන හරහා රනිල් ඇගේ මී මුණුපුරා වේ. ඩී ආර් විජේවර්ධන (දොන් රිචර්ඩ්) ලේක් හවුස් ආයතනයේ නිර්මාතෲ වරයාය.

හෙලේනාගේ තවත් පුතෙකු වන දොන් චාල්ස් විසින් ලියන ලද - Revolt in The Temple - (බෝමැඩ විප්ලවය) නැමති පිටු 700ක් පුරා දිවෙන ලියවිල්ල මගින් කැළණි විහාරයටත් සිංහල වර්ගයාටත් අවුරුදු 2500ක ඉතිහාසයක් අනියමින් පවරා දුන් අතර කැලණි විහාරය ප්‍රතිසංස්කරණය කර එහි දායකයින් වූ විජේවර්ධන පවුලට අනියමින් ඒ දෙක පවාර දෙන ලදී.

මේක එසේ මෙසේ කතාවක් නෙමෙයි, විජය - දේවනම් පියතිස්සගෙ බාල සහෝ මහානාම - යත්ථල තිස්ස - කාවන් තිස්ස - එයාගෙ වයිෆ් විහාර මාහදේවී වෙනකන් ඇවිත් හෙලේනා - විමලා විජේවර්ධන හා ජයවර්ධන - වික්‍රමසිංහ වෙනකන් දුවන කතාවක්.

පස්සෙ කොළඹට මාරු උනත් විජේවර්ධනල - ජයවර්ධනල - ඉඳන් රනිල් වෙනකන් දේශපාලනය පටන් ගත්තෙ කැළණියෙන්. 1947 ජනවාරි 06 රනිල්ගෙ මී මුත්තො එකතුවෙලා ලංකාවෙ නිදහස පිළිබඳ ප්‍රකාශණය සංඝයා ලවා ඉදිරිපත් කරෙත් කැළණිය විහාරයෙදි. එදා තමා ලු බුදු සාදු ලංකාවට පලමු වරට වැඩම කරපු එකෙත් සංවස්තරේ තිබ්බෙ!

තව එකක්, මේ ගැන අධ්‍යයනක් Jonathan S. Waltersගෙ - History of Kelaniya (කැළණියේ ඉතිහාසය) කියන පොතේ තියෙනව. රාජන් හූල් ජොනතන් උපුටා දක්වමින් කියන විදියට: රටේ ඉරණම සහ කැළණි විහාරයේ භාරකරුවන් ගේ ඉරණම එකට බැඳීම සිදු කෙරුණේ මේ ව්‍යක්ත පාඨයෙනි: "කැළණිය වැටුන කල්හී ලංකාවම වැටිණ. කැළණිය නැගී සිටි කල්හි ලංකාවම නැගී සිටියේය" නමුත් මට Revolt in The Temple පොතේ ඒ පාඨය තාම සොයා ගැනීමට නොහැකි විය

ඒත් කැළණිය පන්සලේ දායක සභාවෙ සභාපතිකම රනිල්ට නැති වෙනව නම්, සමාජ විද්‍යාඥයින්ට හා මානව විද්‍යාඥයින්ට අලුත් සබ්ජෙක්ට් එකක් රිසර්ච් කරන්න.

ඒවගේම චම්පිකගෙ කට්ටිය මගෙත් එක්ක කිව්ව, ඒ ගොල්ලන්ට මහින්ද එක්කයි රනිල් එක්කයි ආශ්‍රය කරල තියෙන අත්දැකීම අනුව සැබෑ බෞද්ධය රනිල් කියල. මම කිව්ව ඉතිං උන් දෙන්නම තිරුපති යනවනෙ කියල. උන් හිනාවෙලා නිකන් හිටිය.''

දේපල චෝදනා එල්ලවී ඇති විහාරාධිපති හිමි:

මෙසේ දේපල චෝදනා එල්ලවි ඇති විහාරාධිපති හිමියන් පසුගියදා පොහොට්ටුවේ ජනපති අපේක්ෂක ගෝඨාබයව මහත් හරසරින් පිළිගත්හ.

කැලණි රජමහා විහාරස්ථ දායක සභාවේ සභාපති ධූරයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඉවත් කළ බවට පළවූ වාර්තා සහ සමාජ ජාලා පුවත් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් එක්සත් ජාතික පක්ෂය පවසන්නේ, කැලණි රජමහා විහාරාධිපති නාහිමියන්ට එල්ල වී තිබෙන දේපල චෝදනා සම්බන්ධයෙන් නිදොස් වීමක් වනතුරු දායක සභාවේ සභාපති ධූරයෙන් ඉවත්ව සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කලින්ම දැනුම් දී තිබුණු බවයි.

කැලණිය රජමහා විහාරාධිපති හිමියන්ට එල්ල වී තිබෙන චෝදනා වල වගකීම සම්බන්ධයෙන් දායක සභාවේ සභාපති ලෙස අගමැතිවරයාට බැඳීමක් ඇතිකර ගත නොහැකි බැවින් ඉහත දැනුම්දීම කලින්ම කළේ යැයි එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි.

කුමන පසුබිම්ක් යටතේ වුවද ඊයේ (01) දිනයේ පැවති දායක සභා රැස්වීම්ට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහභාගි වූයේ නැතැයි ද සුළු පිරිසක් ගත් තීරණය සම්බන්ධයෙන් අගමැතිවරයා කිසි ලෙසකින්වත් දැනුවත්ව නැතැයි ද එක්සත් ජාතික පක්ෂය පවසයි.

දේපල සම්බන්ධයෙන් කැලණි රජමහා විහාරාධිපති හිමියන්ට එල්ල වී තිබෙන චෝදනා සියල්ලකින්ම නිදොස් වීම අත්‍යවශ්‍ය කරුණක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අදාළ චෝදනා එල්ල වූ මුල් අවස්ථාවේ දී ම පැහැදිලිව ම දැනුම් දුන් බව ද එක්සත් ජාතික පක්ෂය වැඩිදුරටත් කියා සිටියේය.

ලැජ්ජාව කාට ද ?

කැලණිය රජමහා විහාරාධිපති පූජ්‍ය මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති දායක සභාව රැස්වීමෙන් අනතුරුව මෙම තින්දුව ගත් බව බවට පළවූ වාර්තා ගැන සටහනක් තබා ඇති තාරක නානායක්කාර මෙසේ පවසයි.

''තමන්ගේ තනි හයියෙන් ගරා වැටිලා තිබ්බ කැලණි විහාරය නැවත ගොඩනගපු හෙලේනා විජේවර්ධන මැතිණියගේ මුණුබුරා රනිල් වික්‍රමසිංහ මහත්තයා.. කැළණි විහාරයේ දායකසභාවෙන් එතුමා අයින් කලා නම් ලැජ්ජාව කැළණි විහාරයට සම්බන්ධ උදවියට මිසක් එතුමට නෙමෙයි.. තමන් බුදු වෙද්දි පිට දීපු බෝධීන් වහන්සේ ට සතියක් අනිමිස ලෝචනයෙන් කලගුණ දක්වපු බුදුහාමුදුරුවන්ගෙන් පැවත එන ශාසනය මේක..''

No comments:

Ad
Powered by Blogger.