spotscenered.info, 14856, DIRECT pubmatic.com, 51616, RESELLER, 5d62403b186f2ace පොහොට්ටුවේ ත්‍රීවීල් පක්ෂවලට ගෝඨාගෙන් ස්වීප් එකක්! - Info Sri Lanka News | Sinhala

පොහොට්ටුවේ ත්‍රීවීල් පක්ෂවලට ගෝඨාගෙන් ස්වීප් එකක්!

     
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සම්බන්ධ වී සිටින කුඩා කුඩා පක්ෂ සහ සංවිධාන සඳහා සමුළු පැවැත්වීමට අවශ්‍ය සෙනඟ, මුදල් සහ වෙනත් පහසුකම් සපයා දීමට ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබේ. 

ජනතාව අතරට ගොස් සිදුකරන ප්‍රචාරණ කටයුතුවලදී ගෝඨාභය රාජපක්ෂ මහතා යම් අපහසුතාවකට පත්වන ආකාරය පසුගිය අගෝස්තු 11 වනදා සිට 18 වනදා දක්වා සිදු කෙරුණු ප්‍රචාරණ කටයුතුවලදී පැහැදිලි වූ හෙයින් මෙසේ කුඩා කුඩා පක්ෂ සහ සංවිධානවල සමුළු පවත්වමින් ගෝඨාභය රාජපක්ෂ මහතාව ඒවාට සහභාගී කරවා, ඒවාට දැවැන්ත මාධ්‍ය ප්‍රචාරණයක් ලබා දෙමින් ඉදිරි සති දෙකේ ප්‍රචාරණ ව්‍යාපාරය පවත්වාගෙන යාමට ඒ මහතාගේ ප්‍රචාරණ කමිටුව විසින් නිර්දේශ කර ඇත. 

මෙය එකී පක්ෂ සහ සංවිධාන නායකයින්ට ලොතරැයියක් ඇදීම වැනි තත්වයක්ව ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ. 

ඒ අනුව ජනපදනමක් නොමැති කුඩා පක්ෂවලට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සෙනඟ, මුදල් සහ මාධ්‍ය බලය පාවිච්චි කරමින් "ජාතික සමුළු" පැවැත්වීමේ අවස්ථාව දැන් ලැබී තිබේ. 

ඊයේ (01) දිනයේදී උදය ගම්මන්පිල මහතාගේ පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ ජාතික මහා සමුළුව බත්තරමුල්ලේදී පැවැත්වුණු අතර ඉදිරියේදී විමල් වීරවංශ මහතාගේ පක්ෂයේ, වාසුදේව නානායක්කාර මහතාගේ පක්ෂයේ, සරත් මනමේන්ද්‍ර මහතාගේ පක්ෂයේ, මුස්ලිම් උලමා පක්ෂයේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කට්ටඬි සංගමයේ යනාදී වශයෙන් ජාතික සමුළු ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත බවයි වාර්තා වූයේ. 

[LNW]

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.