බෝරාවරුන්ගේ පැමිණීමෙන් කොළඹ හෝටල් මිල ඉහළට.


මේ වන විට කොළඹ කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන බෝරාවරුන්ගේ ගෝලීය සමුළුව හේතුවෙන් කොළඹ හෝටල් හා සුඛෝපභෝගී මහල් නිවාසවල මිල ගණන් 20% සිට 80% දක්වා මිල ගණන්වලින් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

හෝටල් හා සුඛෝපභෝගී මහල් නිවාස වෙන්කිරීම සඳහා ක්‍රියාත්මක වෙබ් අඩවි පිරික්සීමේදී මේ බව තහවුරු වේ.

අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරයත් සමඟම කොළඹ ඇතුළු සමස්ත දිවයින පුරාවම තිබෙන හෝටල්වල මිල ගණන් සීඝ්‍රයෙන් පහළ වැටුණු අතර එහිදී රු. 8,000 ක පමණ මිල නියම වූ කොළඹ සාමාන්‍ය තරු පංතියේ හෝටල් කාමරයක මිල මේ වන විට රු. 12,000 සිට රු. 20,000 දක්වා මිල ගණන්වලට අලෙවි වන බව මෙම වෙබ් අඩවි ගවේෂණයේ දී පැහැදිලි වනු ඇත.

මේ අතර ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ සභාපති කිෂූ ගෝමස් මහතා පැවසුවේ, මෙම බෝරා සමුළුවට සහභාගී වීම සඳහා 21,000ක පමණ බෝරා ප්‍රජාවක් මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවත්, ඒ හේතුවෙන් කොළඹ නගරයේ හෝටල් සහ මහල් නිවාස ඇතළු නවාතැන් ස්ථාන පිරී ඉතිරී ගොස් ඇති බවත්ය.

එසේම ඩොලර් මිලියන 51 ක ආදායමක් බෝරා සමුළුවට පැමිණි සංචාරකයින් හරහා ශ්‍රී ලංකාවට මේ දක්වා ලැබී ඇති බව ද සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ සභාපතිවරයා මෙහිදී කියා සිටියේය.

No comments:

Ad
Powered by Blogger.