එකඟතා කතාව ගල් පැලෙන බොරුවක්: රනිල් - සජිත් හමුවේ ඇත්ත කතාව ‌මෙන්න.


අගමැතිවරයා හා සජිත් ‌ප්‍රේමදාස මහත්වරුන් අතර ඊ‌යේ (10) රාත්‍රියේ පැවැතිි සාකච්ජා කිසිදු එකගතාවකින් ‌තොරව අවසන් වී ඇත.

මෙහිදී සජිත්ට පමණක් සාකච්ජා සදහා පැමිණෙන ‌ලෙසට අගමැතිවරයා ආරාධනා කර තිබුණද බලහත්කාරයෙන්ම වාගේ ඊට මලික් සමරවික්‍රම-කබීර් හෂීම් හා හර්ෂ ද සිල්වා පැමිණ ඇති බව දැනගන්නට ඇත. එහිදී හර්ෂ ද සිල්වා තමන් විසින් සකස් කළ සමීක්ෂණ වාර්තාවද රැගෙන පැමිණ තිබේ.

එහිදී අගමැතිවරයා ‌මෙපමණ පිරිසක් කැටුව පැමිණියේ ඇයිද යන්න පිළිබදව සජිත්ගෙන් විමසද්දී සජිත් ප්‍රකාශ ‌කොට ඇත්තේ ඔවුුුුන් තමන් කැටුව පැමිණියේ නැති බවත්, ‌වෙනම ඔවුන් පැමිණ ඇති බවත්ය.

කෙසේවෙතත් සාකච්ජා ආරම්භයේදීම සජිත් ප්‍රකාශ ‌කොට ඇත්තේ තමන්ට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට අවශ්‍ය බවත්, අගමැති ධූරය සහ පක්ෂ නායකත්වය ලබා දීම සම්බන්ධයෙන් තමන්ට ගැටලුවක් නැති බවත්ය.

නමුත් ඊට අගමැතිවරයා කිසිදු යහපත් ප්‍රතිචාරයක් ලබා දී න‌ොමැත. ඒ ‌වෙනුවට අගමැතිවරයා කියා ඇත්තේ ‌තමන්ගේ ඉල්ලීම් ‌මේ ආකාරයට පක්ෂය ඇතුළේ කතා කිරීමට හැකියාව තිබියදී රට පුරා රැස්වීම පවත්වමින්, ලිපිවලට අස්සන් ගනිමින් හැසිරුණු ආකාරය කිසිසේත්ම පිළිගත ‌නොහැකි බවකි. ‌මේ හරහා සජිත් ඇතුළු කණ්ඩායම පක්ෂය ‌දෙකඩ කිරීමට කටයුතු කර ඇති බවද අගමැතිවරයා සදහන් ‌කොට තිබේ.

මීට අමතරව ‌මෙම රැස්වීම අතරවාරයේදී අගමැතිවරයා පළමු වතාවට ‌දෙවරක්ම මලික් සමරවික්‍රම මහතාට දැඩි ‌ලෙස ‌දොස් පැවරීමට කටයුතු කර ඇත. 

ඒ අනුව සාකච්ජාව අවසන් කරමින් අගමැතිවරයා රාජිතට සදහන් කර ඇත්තේ ‌මොවුන් සමග තවදුරටත් සාකච්ජා කරන ‌ලෙසටය. එමෙන්ම පැමිණි පිරිසට අගමැතිවරයා කියා ඇත්තේ ‘මම නම් කිසිම මීටින් එකකට යන්න බය නෑ. තනියම තමයි යන්නේ. රාජිතට වුණත් මම ‌මෙතනට එන්න කිව්වේ ආවේ එයා මධ්‍යස්ථ චරිතයක් නිසයි. ඒ හින්දා ඔයා ‌ම‌ෙහෙම කට්ටිය එක්කරගෙන ආපු එක වැරදියි’ යැයි කියාය.

කෙසේ නමුත් මෙම සාකච්ජාවේ දී එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ පොදු සන්ධානය පිහිටු වීම පිළිබඳව වැඩි වශයෙන් අවධානය යොමු වී ඇත.

රනිල් හමුවන්න කලින් සජිත් මුදල් අමාත්‍යංශයේ මීටිමක් තියලා

කෙසේ නමුත් මෙම සාකච්ජාවට ප්‍රථම සජිත් කණ්ඩායම මංගල සමරවීර මහතා සමග මුදල් අමාත්‍යංශයේදී රහස් සාකච්ජාවක නිරතව සිට පැමිණ ඇති බව වාර්තා ‌වේ.

මෙම සාකච්ජාවට සජිත්-මංගල-එරාන් -හර්ෂ-කබීර්-මලික්-රංජිත් මද්දුමබණ්ඩාර යන ඇමැතිවරුන් සහභාගිව සිට ඇති බව දැනගන්නට ඇත.

අගමැතිවරයා සමග සාකච්ජාවට සජිත් පමණක් සහභාගි ‌නොකොට තවත් පිරිසක් සහභාගි කළ යුතු බවට තීරණය ‌ගෙන ඇත්තේ එහිදී බව දැනගන්නට තිබේ.

මීට අමතරව සජිත් ඊ‌යේ (10) උදෑසන සිටම ජනාධිපතිවරයා සමග අවස්ථා කිහිපයකදීම ‌මෙම හමුව මුල්කරගෙන සාකච්ජා පවත්වා ඇති බවද දැනගන්නට ඇත.

අද දවල් 12‌ට රාජිත-මංගල-මලික්-කබීර් තවත් තීරණාත්මක හමුවක්

මේ අතර ඉදිරි ජනාධිපතිවරණයේ එජාප අපේක්ෂකයා කවුරුන්ද යන්න තීරණය කිරීම සම්බන්ධයෙන් තවත් තීරණාත්මක හමුවක් අද (11) දහවල් 12.00ට පැවැත්වීමට නියමිතය.

මෙම හමුවට රාජිත ‌සේනාරත්න සහ මංගල සමරවීර, මලික් සමරවික්‍රම, කබීර් හෂීම් යන මහත්වරුන් සහභාගි වීමට නියමිතය.

අගමැතිවරයා හා සජිත් ‌ප්‍රේමදාස යන ‌දෙපාර්ශ්වයම දැනුවත්ව ඔවුන්ගේ එකගතාවය මත ‌මෙම හමුව පැවැත්වේ.

එමෙන්ම ‌මෙම සාකච්ජාවේදී ජනපති අපේක්ෂකයා පිළිබදව විශේෂ තීන්දුවක් ගැනීමට නියමිත බවද ආරංචිය.

No comments:

Ad
Powered by Blogger.