මංගලගේ සමීක්ෂණ වාර්තාව තුළින් හෙළිවූ සජිත්ගේ තිත්ත ඇත්ත.


මොකද්දෝ මන්දා නමක් ගමක් නැති සමාගමකින් සහ සංවිධානයකින් කරන ලද බව කරන ලදැයි කියන සමීක්ෂණයක් අමාත්‍ය මංගල සමරවීරගේ අමන්දානන්දයට හේතු වී තිබේ. එයින් කියැවෙන්නේ ශ්‍රී ලංකාවේ මීළඟට පැවැත්වෙන මැතිවරණයට සජිත් ප්‍රේමදාස ඉදිරිපත් වුවහොත් ගෝඨාභය පරාජය කර සජිත් ජය ගන්නා බවයි.

සමීක්ෂණ මගින් අපේක්ෂිත එක් අරමුණක් පැහැදිලිය. එනම් මැතිවරණය ගැන අනාවැකි කීම මගින් ඡන්දදායකයන්ට මානසික බලපෑමක් කිරීමය. මෙය බාල ගනයේ උපක්‍රමයක් පමණක් නොව යල් පැන ගිය එකක් බවද කිව යුතුය.

කෙසේ නමුත් අපට සමීක්ෂණ වාර්තාව සැකසූ අයගේ අරමුණ කුමක්දැයි දැයි පැහැදිලිය. ඒ කුමක් වුවත් අප දන්නා සමීක්ෂණ ක්‍රමවේදය හා භාවිතය අතින් නම් මේ සමීක්ෂණය අතේ රෝලකි. 

එසේ වන්නේ ඇයි?

බලය බෙදන පොරොන්දුව සහ ද්‍රවිඩ ජන්ද 

සජිත්, ද්‍රවිඩ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් සමඟ පසුගිය දා සාකච්ඡාවක් පවත්වා තිබිණ. අපිට අහන්නට ඇත්තේ ද්‍රවිඩ ජාතික සන්ධානය එක සාකච්ඡාවකින් සජිත්ව විශ්වාස කළා ද යන බවයි.

ඒ මොකද කියනවා නම් රනිල් දිගින් දිගට ම පෙනී සිටි ස්ථාවරයන් වන නව ව්‍යවස්ථාවක් සහ දේශපාලන බලය බෙදීමක් කියන කාරණා ගැන ඉතිහාසයේ කවදාවත් සජිත් අදහස් පල කරලා නැහැ. ඒ වගේම අපිට මතකයි සිරිසේන ගොයියත් 2015 ඒකීය රටක උපරිම බලය බෙදීම ගැන කිව්වා. ඒ කළේ අවස්ථාවාදී තක්කඩිකමක් බව අද වෙනකොට පැහැදිලියි.

සජිත් කියන්නේ බල උමතුවෙක් බව අමුතුවෙන් ලියන්නට දෙයක් නැහැ. ඔහු මහින්දට දෙවැනි වෙන්නේ නෑ, ඒ නිසා කොහෙත්ම බලය බෙදීමක් හෝ දේශපාලන විසඳුමක් ගැන දමිළ ජනතාවට සජිත්ගේ කතාව ගැන විශ්වාසයක් තියන්න බෑ.

කතෝලික සහ මුස්ලිම් ජන්ද ගැන පදනමක් නැති කතාව

ඊළඟට ඇමති මංගල කියන කතෝලික ජන්ද කතාව විකාරයක්. සජිත් පාස්කු ප්‍රහාරය අවස්ථාවේ කළේ නරුම විදියට කතෝලික පල්ලි ඉස්සරහා අඩපු එක සහ වොයිස් කට් දුන්න එක. ත්‍රස්තවාදීන් සුළු පිරිසක් කළ ප්‍රහාරයක් නිසා මුස්ලිම් ජනතාවට හානි කරන්න එපා, හෝ 'සියළු මුස්ලිම් ප්‍රජාව ත්‍රස්තවාදීන් නොවේ' යන්න සජිත් කිව්වේ නෑ. ඒ තුළ ඉතිහාසයේ කවදාවත් තමන් වෙනුවෙන් පෙනී නොසිටි සජිත්ව මුස්ලිම් ජනතාව විශ්වාස කරයිද? 

මධ්‍යම පන්තිය සජිත් එක්ක ද?

ඊළඟට ඇමති මංගල කියන ගෝඨා ට වඩා සජිත් ජන්ද ගන්න බව සහ රනිල්ට ඒ ජන්ද ගන්න බැරි ඇයි කියන කාරණය මෙහිදී වැදගත් වෙනවා. දැන් බලන්න සජිත් මධ්‍යම පංතියේ කිසිම ආකර්ශනයක් ඇති අයෙක් නෙවෙයි. කට ඇරියොත් කියන්නේ ප්‍රායෝගික තලයේ නැති කතා. සරලව කිව්වොත් ගොං කතා. ඒත් ලිබරල් නිදහස පතන දැක්මක් ඇති ජන්ද වලට රනිල් හෝ කරූට ආමන්ත්‍රණය කරන්න පුලුවන්. ඒ අනූව මේ සමීක්ෂණ වාර්තා පට්ටපල් බොරුවක්. 

සජිත්ගේ ඇත්ත පදනම නාමල්ටත් යටින්

සජිත්ට විශේෂ ජන්ද පදනමක් ඇත්නම් ඔහු දිස්ත්‍රික්කයේ හෝ වර්ධනයක් පෙන්වා තියෙන්න ඕන. එහෙම නෑ. ඊට වඩා ගැම්මක් ඇතිව පහුගිය මහ මැතිවරණයේදී අකිල මහින්දට එරෙහිව හැප්පිලා මනාප අරගෙන තියනවා. ඒ වෙලාවෙ ශ්‍රිලනිප කැම්පේන් එක ගියේ කුරුණෑගලින් ඉල්ලන මහින්ද රාජපක්ෂ අගමැති කරන්න මිසක් හම්බන්තොට නාමල් අගමැති කරන්න නෙවෙයි. ඒත් සජිත් නාමල්ටත් පරාදයි. මනාප ලැයිස්තුවේ දෙවැනිය. අනික් කාරණය තමා සජිත් ඉල්ලනවා කියන්නේ සහ ඒ බොල් සද්දෙ එන්නෙ එජාප පාක්ෂිකයන් නොමග යැවීම හරහා පමණයි. ඒ අතින් සජිත් කියන්නේ ලොස්ට් ඩයල් එකක් කියලා ඔප්පු කරන්න සමීක්ෂණ ඕන නෑ. සමීක්ෂණ ප්‍රතිඵල අනූවත් සජිත් ගෝඨාට වඩා ජන්ද ගන්නේ කොහෙන්ද කියලා නෑ.

ඒ අනුව අපිට කියන්න තියෙන්නෙ මේක පාක්ෂිකයන් රවට්ටන්න කරපු සුදුකරපටි සමීක්ෂණ ප්‍රෝඩාවක්!

අනිත් අතට මැතිවරණයක් ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවන්නන්ගේ අදහස් උදහස්, වාද විවාද, තර්ක විතර්ක අනුව ඡන්දදායකයාගේ මතය තීන්දු වෙනවා. ඒ අනුව බලපුවාහම හෙට සිටින්නේ අද සිටින ඡන්දදායකයා නොවන බව පැහැදිලියි.

[විමර්ෂණ පෙරේරා | Lanka DNA]

1 comment :

  1. ane huththige putho mahabankuwa kadapu raviyageda me channel eka sajith dinuwama api balamuko huththige putha

    ReplyDelete

Ad
Powered by Blogger.