Ad

මලික් නොදන්න දිනේෂ් වීරක්කොඩි ගැන රනිල්ගෙන් සැරට පිළිතුරු.


ඉදිරි ජනාධිපතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරවීම සඳහා සැලසුම් සහ උපාය සකස් කිරීමට රනිල් - සජිත් දෙපාර්ශ්වයේම සහභාගීත්වයෙන් කමිටුවක් පත් කර ඇති අතර එහි වාර්තාව මේ සතිඅන්තයේදී නිකුත් කිරීමට නියමිතව තිබේ. 

මෙම කමිටුවට රාජිත සේනාරත්න, මලික් සමරවික්‍රම, කබීර් හෂීම් යන අමාත්‍යවරුන් සහ අග්‍රාමාත්‍ය උපදේශක දිනේශ් වීරක්කොඩි මහතා ඇතුළත් කර ඇති අතර මෙම කමිටුව පත් කිරීමේදී ඊට දිනේශ් වීරක්කොඩි මහතාව සහභාගී කරවා ගැනීම සම්බන්ධයෙන් සජිත් පාර්ශ්වයේ කැරලි නායක මලික් සමරවික්‍රම මහතා විරෝධය පා තිබිණි. ඒ, දිනේශ් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයකු නොවන බව කියමිනි. 

මෙහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මලික්ට අපූරු පිළිතුරක් ලබාදී තිබේ. 

"දන්නැති දේවල් ගැන කතා කරද්දි කට පරෙස්සම් කරගන්න මලික්. ඔයාට වඩා, කබීර්ට වඩා දිනේශ් වීරක්කොඩි මේ පක්ෂයේ ජ්‍යේෂ්ඨයෙක්. දිනේශ් පක්ෂයට සම්බන්ධ වෙන්නෙ 1989දි. 

ඒවගේම පක්ෂයේ විධායක සභාවේ පහුගිය අවුරුදු 15කට වැඩි කාලයක් තිස්සේ ඉන්න කෙනෙක්. එයා තමයි පක්ෂය වෙනුවෙන් වෘත්තිකයින්ගේ සංගමය හැදුවෙත්. 

එයා මේ සේරම කරන්නෙ තිරය පිටුපස ඉඳන්. එයාලගෙයි ඔයාලගෙයි වෙනස වෙන්නේ ඔයාලා තැන් තැන්වල මීඩියාවලට වොයිස් කට් දෙනවා, දිනේශ් එහෙම නෑ. නමුත් පක්ෂය වෙනුවෙන් දිනේශ් කරන වැඩ කොටස, කැපකිරීම් අප්‍රමාණයි. 

අනික ඔයාලට මතක නැති වුණාට අපි 2014දි දිනේශ්ව පක්ෂයේ භාණ්ඩාගාරික හැටියට පත් කළා. ඒත් එයා ඒ තනතුරවත් ගත්තේ නෑ. අපි මාස හයක් බලාගෙන හිටියා. මේවා මිනිස්සු මාර පහසුවෙන් අමතක කරලා දානවා, මෑත වෙච්චි දේවල් වෙලත්. 

ඒහින්දා තමන්ගේ නොදන්නාකම ප්‍රදර්ශනය කරන්න එපා" යනුවෙන් අග්‍රාමාත්‍යවරයා මලික්ට පවසා ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ. 

[LNW]

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.