ජවිපෙ සහාය ඉල්ලන්න ගිය සජිත් කල්ලියට මදි නොකියන්න අහගනී!


එජාප ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ඉල්ලන සජිත් පාර්ශ්වයට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලබාදී තිබුණු අභියෝගය වූයේ මූලිකවම දෙමළ ජාතික සන්ධානයේ සහාය ලබාගන්නා ලෙසයි. කරූ ජයසූරිය මහතාව අපේක්ෂකයා ලෙස නම් කරන්නැයි ඉල්ලා සිටින පාර්ශ්වයට අගමැතිවරයා දැනුම් දී තිබුණේ ජනතා විමුක්ති පෙරමුණේ සහාය ලබා ගන්න ලෙසය. 

මේ දිනවල සීමාන්තිකව උනන්දුව වැඩිවී සිටින සජිත් පාර්ශ්වය තමන්ටත් ජනතා විමුක්ති පෙරමුණේ සහාය ලබාගත හැකි බව පවසමින් කරූ පාර්ශ්වයට ලැබුණු අභියෝගයත් තමන්ගේ මල්ලට බලෙන්ම දමාගෙන තිබිණි. 

ඒ අනුව ජවිපෙ සහාය ඉල්ලා සිටීම සඳහා සජිත් පාර්ශ්වයේ නියෝජිතයකු පසුගියදා ජවිපෙ දේශපාලන බලමණ්ඩල සභිකයකුව හමුවී ඇත. 

එහිදී සජිත් ප්‍රේමදාස මහතාට සහාය දෙන මෙන් සජිත් පිලේ නියෝජිතයා සිය යෝජනාව ඉදිරිපත් කර අවසන් කරන්නටත් පළමුවම ඊට බාධා කළ ජවිපෙ නියෝජිතයා එය ඉතාමත්ම තදින් ප්‍රතික්ෂේප කර තිබේ. 

ඔහු ඉතාම තදින් අවධාරණය කර ඇත්තේ තම පක්ෂයේ සහෝදර සහෝදරියන් 60,000ක් ගංගාවල පාකරමින්, ටයර් සෑයේ පුළුස්සමින් ඝාතනය කළ ප්‍රේමදාසගේ පුත්‍රයා සමඟ කිසිදු ගනුදෙනුවක් තමන්ට නොමැති බවයි. 

මදි නොකියන්නටම දේවල් අසාගත් සජිත් පිලේ නියෝජිතයක් වචනයක් හෝ නොකියා හකුළාගෙන පැමිණ ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ. 

[LNW]

No comments:

Ad
Powered by Blogger.